







(ශාන්ත චන්ද්‍රසිරි)
කොරෝනා වයිරසය පැතිරීයාමේ අවධානම හේතුවෙන් මාසයකට අධික කාලයක් රට පුරා පැවැති ඇදිරි නීතිය හමුවේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් හා ජනතාවගෙන් හුදකලා වු නුවරඑළිය, කන්දේඇල ජලාශය අවට පරිසර පද්ධතිය අන් කවරදාවටවත් වඩා සුන්දර ලෙස මේ දිනවල දැකිය හැකි බව උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති.
නුවරඑළිය නගරයේ සිට හෝර්ටන්තැන්න වනෝද්‍යානය හා අඹේවෙල නවසීලන්ත සත්ත්ව ගොවිපල දැක බලා ගැනීමට දිනකට විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් ගමන් කරනු ලබන ප්‍රධානම මාර්ගයේ පිහිටි කන්දේඇල වනෝද්‍යානය, කන්දේඇල ජලාශය අවට පරිසර කලාපය සහ අඹේවෙල ගොවිපල ආශ්‍රීත ප්‍රදේශත් වෙනත් වසරවල අප්‍රේල් මාසයේදි දහස් ගණනක දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් නිරන්තරයෙන් සැරිසරණ ප්‍රදේශයක් බවද ඔවුහු පෙන්වා දෙති.
කන්දේඇල වනෝද්‍යානය හා කන්දේඇල ජලාශයත් අඹේවෙල නවසීලන්ත සත්ත්ව ගොවිපලත් අවට පරිසර කලාපය අධික වාහන ශබ්දයත්, වාහනවලින් පිට කරනු ලබන අධික දුමත්, විශාල පිරිසක් ගැවසීමෙන් හේතුවෙන් මෙසේ අන් කවරදාවටත් වඩා එම ප්‍රදේශ සුන්දර වී ඇතැයි උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති.
රට තුල පැන නැගුන හදිසි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශය මසකට අධික කාලයක් මෙසේ ජනශූන්‍ය කලාපයක් බවට පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය මිනිසා නිර්මානය කරන්නා සේම විනාශ කරන්නත් වෙයි. පරිසරයට ආදරය දක්වද්දී අපට පරිසරය ලබාදෙන දේද බොහෝ වෙයි...
හරිත වර්ණයෙන් ,බැබලෙන පරිසරය මොනතරම් සුන්දර දර්ශනයක්ද.? මිනිසා නමැති සත්වයාගෙන් මදකට හෝ මිදුන මිහිකත, ස්වභාව ධර්ම මාතාවගේ තුරුලේ නැලවෙමින්, සැනසුම් සුසුම් හෙලන, අතිශය සුන්දර වූ ඒ අසිරිමත් දර්ශන පෙළ සැමදාටමත් බැලීමට තරම් අප වාසනාවන්තයෝ වෙම්ද ..?
කුඩා කල දුටු ලංකාව මතක් වෙනවා. නුදුටු අයට සහ මෙය විනාශ කරන අයට දෙනෙත් පැදෙවා...!
මේ චයාරුප දැක්කම මට මතක් වෙනවා... මගේ කුඩාම කාලයේ වරක් අපේ පවුලේ අය ලෝකාන්තය බලන්න ගියා. මේ තියෙන්නේ ඒ පරිසරයමයි.. කියලයි මට නම් හිතෙන්නේ. අහස පැහැදිලියි... ශීතලයි... මිදුම තැනින් තැන අපිව පහුකරගෙන යනවා. මම හිතන්නේ රතු ඉන්දියානු නායකයා... සියැටල් ආදරය කලෙත් මේ වගේම පරිසරයකට වෙන්න ඇති. නමුත් ආක්‍රමණික සුදු මිනිස්සු පරිසරය ආරක්ෂාකල ඒ පරපුරම විනාශකලා. පරිසරය විනාශකිරීම පටන්ගත්තා. ඔය කතාවම තමයි අපේ මේ ලස්සන රටටත් වුනේ. 1970 ගණන්වල පටන් ටිකෙන් ටිකේ පටන් ගත්ත වනවිනාශය ඊටත් වසර 10 ට විතර පස්සේ රටට නොව තමන්ටම ආදරේ බලලෝභී දේශපාලුවන් විසින් ඔවුන්ගේ හෙන්ච්ලා සමග අද වෙනකම්ම කරගෙන යනවා. ඒ සියල්ලටම මුලිකම හේතුව නිසිපරිදි ක්‍රියාත්මකවන " නීතියක් නැති රටක " අප අසරනයින්වී සිටින නිසයි. සොබාදහම කියන අපේ අම්මාගේ දරුවන් තමයි මේ ඔබ මම, සතුන්, වනගහනය. ක්ෂුද්‍රජිවින් මේ සියලු දෙනාම. ඒ අම්මා අපිට අවශ්‍ය සියලුදේම මේ පරිසරයේ ඇතිකරලා තියෙනවා. නමුත්.. මිනිසා කියන අකීකරු දරුවා පමණක් පරිසරය විනාශකලා. සුදුසු පරිසරය නොමැතිව මිනිසාට ජීවිතය පවත්වාගෙන යාමට නොහැකි බව ඔහු අදවත් තේරුම් ගනීවිද..? මන්ද සොබාදහමට මිනිසා එකම එක සතෙක් පමණයි..!!!
තව ටික දවසකින් යාල වන උද්‍යානයේ පරණ කසිකබල් ජිප් සහ ඉන්දියාවේ ලදරන් වලින් එන ජරා දුමයි මුසුවෙච්ච තොර තෝංචියක් නැති මානසික අසහනකාරී මිනිසුන්ගේ දඩබ්බර ක්‍රියාකාර කම් නිසා අහිංසක සතුන්ට සිදුවන හිරිහැර විදේශිකයන්ට විකුණන විනිමය උපයන පිපාසිතයන්ගේ සංග්‍රාමය ඇරබෙනු ඇති ...!!!
CV -19 පාඩමක් අරගෙන මේ කාලේ නයකයෝවත් පරිසරය ආරක්ෂා කරයි නම් අපි ඉතා ඉහළින් අගය කරන අතර ඊට සහය දෙන්ඩ සුදානම්. ඒ වුනාට කෙසේ හෝ එහෙම යන අතරමග දේශපාලුවෝ පරිසරය පාලු කරන්න ගත්තොත් අපි ලංකාව පරිසරය ආරක්ෂා කිරීමෙන් අයින් වෙමුද?
අධික වාහන ශබ්දයත්, වාහනවලින් පිට කරනු ලබන අධික දුමත්, විශාල පිරිසක් ගැවසීමෙන් හේතුවෙන් මෙසේ අන් කවරදාවටත් වඩා එම ප්‍රදේශ සුන්දර වී ඇතැයි උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති...
මෙහෙමහරි දෙවියෝ අපි යම්..යම් දේවල් කියල දෙන එක ගැන අපි දෙවිවරුන්ට ස්තුති වෙමු .
හරිම ලස්සනයි. මේ විදියටම පවත්වාගෙන යන්න පුළුවන් නම් කොච්චර හොද ද ?