
(යොහාන් භාසුර)
කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කළ සියවස් සමරු මුද්දරය එළි දැක්වීය.
එහිදී පළමු මුද්දරය හා මුල් දින කවරය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් 1994 වසරේ සිය 2000 වසර දක්වා කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රදානය කළේය.
කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පාසල් මට්ටමින් පැවැති මුද්දර නිර්මාණ තරගයෙන් ජය ලැබූ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ පී.ජී.ඩී. අදීෂා සෙව්නුලිගේ නිර්මාණය මුද්දරය සදහා යොදාගෙන තිබුණි. එහි දෙවැනි ස්ථානය දිනාගත් එම විද්‍යාලයේම සෙනුලි බිහන්ගා විජේසේකර දියණියගේ නිර්මාණය මුල් දින කවරය ලෙස යොදාගෙන තිබුණි.
මෙරට කම්කරු ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ සියලු දෙනා වෙනුවෙන් මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙහිදී සදහන් කළේය.
කම්කරු දෙපාර්තමේන්තුවට වසර 101ක් ගතවීමට පෙර නව රැකි රක්ෂා පනත ගෙන එමින් මෙරට කම්කරු ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීමට කටයුතු කරන බවත්, මෙතෙක් කම්කරු ක්ෂේත්‍රයේ පැවති අඩුපාඩු සියල්ලටම විසදුමක් සහ ශ්‍රමයට නිසි ගරුත්වයක් ලබාදීමට නව රැකි රක්ෂා පනත හරහා අවකාශය උදාවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් එක එක්කෙනා පක්ෂ කියාගෙන බෙදිලා හිටියාට එකම හොරු සෙට් එක කවුරුත් ලබන වතාවේ තෝරලා යවන්න එපා...
මේ ඔක්කොම යාළුවෝ මල්ලි..!
මුද්දරයක් නොවෙයි පෙට්ටියක් දෙන්න...!
ලැජ්ජයි අපට මෙයාලා දේශපාලනය එපා කරවනවා...
මුද්දරයේ මහින්ද මහතාගේ නළලේ අලවලා සීල් එකේ ගහන්න තිබ්බේ. දෙවැනි මුද්දරයේ මනූෂගේ කටේ අලවලා සීල් එකේ ගැහැව්වා නම් මුද්දරයේ වටිනාකම වැඩිකරගන්න තිබුණා.
මේ වගේ අය ආයෙත් නම් එවන්න එපා...!
එදා හරීන් ගෝඨාභයගේ මුහුණ නොබලා, පිටි පස්ස බලාගෙන ඇමැති පත්වීම් ගත්තු වගේ, මෙයාත් මහින්දගේ මුහුණ නොබලා, පිටි පස්සෙන් මුද්දරය ප්‍රදානය කළේය. මේ දෙදෙනා කිව්වත් කිව්වාමයි. මෙයාලාට ලැජ්ජාව ගෑවිලාවත් නැහැ...!
කෝ ජයග්‍රාහකයා සහ මුද්දරය?... වසර 75 ක පරාජිතයෙක් පෙන්නන්නේ මන්ද...!
කම්කරු ඇමැතිවරයා ලෙස මෙරට වැඩකරන ජනතාව වෙනුවෙන් මහින්ද මහතා කළ සේවය පිළිබඳ දන්නා ඇත්තන් මීට උරණ නොවනු ඇත. නොදන්නා කුහකයින්ට ඊට දෙස් දෙවොල් තැබීමට අයිතිය ඇත...
කම්කරු ඇමැති කාලේ කරපු දෙයක් නැහැ. ඊට පස්සේ ධීවර ඇමැති වුනා. අගමැති වුනා. අන්තිමට දෙවරක් ජනාධිපති වෙලා රටම විනාශ කෙරුවා.
ඇත්තටම ලැජ්ජාවක් නැද්ද?
ඔක්කොම එකම හොරු...
කෝ මුද්දර..?