IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග

 

(කීර්ති ප්‍රනාන්දු  )

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව  කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන්  අධිකරණය මග හරිමින් සිටින  මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සිය නීතිඥයින් මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත  ප්‍රතික්ෂේප කළ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු මහත්මිය එම රූපලාවණ්‍යාගාර හිමිකාරියව අත්අඩංගුවට ගන්නා ලෙස නැවත වරක් නියෝග කරනු ලැබීය  .

මෙම  අපේක්‍ෂිත ඇප ඇදුම් පත විභාගයට ගත් අවස්ථාවේදී මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් .පී.එස්. ජයලත් මහතා සහ ළමා හා කාන්තා  කාර්යාංශයේ  ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්‍ෂිකා වජිරා චාමලී  අධිකරණයට කරුණු දක්වමින්  රූපලාවණ්‍යාගාරයේ  හිමිකාරියට  ඇප ලබාදීමට  විරුද්ධ වන බවත්  ඇය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාව  මගින්  ප්‍රධාන සැකකාරිය ලෙස නම්කර සිටින බවද  පැවසීය  .

 එසේම මෙම සැකකාරිය  අදාළ සිදුවීම වූ  ඉකුත්  30 වෙනදා සිට  අධිකරණ නියෝග නොසලකා හරිමින්  පොලිසිය හා අධිකරණය මගහරිමින්  සිටින තැනැත්තියක් බවද පොලිසියේ අධිකරණයට  කරුණු දැක්විය  .

මෙහිදී අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ සරල කරුණාරත්න සහ සරණ කරුණාරත්න මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් අපේක්ෂිත ඇප ඉල්ලා සිටින මෙම රූපලාවණ්‍යාගාරයේ හිමිකාර තැනැත්තිය සිද්ධියට අදාළව පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ  ප්‍රධාන සැකකාරිය වී සිටින අයෙකු බවත් ඇයට ඇප ලබා  දුනහොත්  සිද්ධිය පිළිබඳව දැනට ක්‍රියාත්මක වන විමර්ශන වලට  බාධාවක් වන බව පැවසූ  අතර  මෙය මේවන විට ක්‍රියාත්මක විමර්ශනවලින් සහ අත්අඩංගුවට ගැනීමෙන්  ගැලවීම මූලික කරගෙන ඉදිරිපත්  කර ඇති අපේක්ෂිත ඇප අයදුම් පතක් වන බැවින්  මෙම ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරන ලෙසත්  අගතියට පත් පැමිණිලිකාර කාන්තාව හට සාධාරණයක් සිදු විය යුතු බවත්  එම නිසා මෙම සැකකාරියව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් ලබා දෙන ලෙස  ඉල්ලා සිටියේය  .



අදහස් (0)

මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site