(සමන්ත යහම්පත්)
නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර පසුගිය 3 වැනි දා අවසන් වූ ''52 වැනි රොටර්ඩෑම් අන්තර් ජාතික සිනමා උළෙලේදී 'සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට ශ්‍රී ලාංකේය චිත්‍රපට දෙකකට හැකි වි තිබේ.
ඒ් උළෙලේ ප්‍රධානතම තරඟකාරි අංශය වන 'ටයිගර් සම්මාන තරගය'' (Tiger Award) යටතේ ඒහි දෙවැනි විශිෂ්ඨතම සිනමා නිර්මාණයට හිමි විශේෂ පූරි සම්මානය විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ 'මානෙල්' (Mannel) චිත්‍රපටයටත්, ආසියනු චිත්‍රපට සඳහා විවෘත ''නෙට්පැක්' (NETPAC) සම්මානය ජනත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා නිර්මාණය වන 'රහස් කියන කඳු' චිත්‍රපටයටත් හිමිවීමය.
52 වැනි රොටර්ඩෑම් අන්තර් ජාතික සිනමා උළෙල 2023 පසුගිය ජනවාරි මස 25 වැනි දා සිට පෙබරවාරි 3 වැනි දා දක්වා රොටර්ඩෑම් නගරයේදී පැවැත්වුණි. උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශය වන 'ටයිගර් සම්මාන' සඳහා චිත්‍රපට 16ක් අවසන් තරගයට තරග වැදිණි. ඒහිදි විශේෂ ජූරි සම්මාන ද්විත්වය හිමිකරගත් විසාකේස චන්ද්‍රසෙරකම් ගේ 'මානෙල්' චිත්‍රපටයට හා ඇමෙරිකාව ඉදිරිපත් කළ ''නිව් ස්ට්‍රේන්ස් චිත්‍රපටයට සම්මානයට අමතරව මුදලින් යුරෝ 10,000 ක්ද (ලංකා මුදලින් රුපියල් මිලියන 4කට ආසන්න) හිමිව තිබේ. මිට පෙර මෙම සම්මානය වෙනුවෙන් 2004 දී සත්‍යජිත් මාත්‍රටිප්ගේ '' බොරදිය පොකුණ'' හා 2011 දී සංජීව පුෂ්පකුමාගේ ''ඉගිල්ලෙන මාළුවෝ'' තරග වැදුණ ද සම්මාන හිමිකර ගැනීමට නොහැකි වුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd