IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මන්නාරම විනිසුරුට අපහාස කළ බස් රියදුරු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතාගේ ඡායාරූප ඇතුළත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවූ පෞද්ගලික බස් රථ රියැදුරකු ඇතුළු  තිදෙනකු ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය.

මාතලේ ඉෂාන් රවිෂ්ක,මඩ පාත මනෝච් මධුසංඛ හා ඇරව්වල ක්‍රිෂාන් නාලක සැකකරුවන් මෙසේ රක්ෂිත බන්දනාගාරගත කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉකුත් අගෝස්තු මස 28 වැනි දින කොටුව දුම්රිය ස්ථානය අසල, රේගුව ආසන්නයේ, අලුත්කඩේ මහාධිකරණය ආසන්නයේ, පැලවත්ත, බත්තරමුල්ල හා ගල්කිස්ස ආදි ජනාකීර්ණ ප්‍රදේශවල මහාධිකරණ විනිසුරුවරයාට අපහාසයක් වන පරිදි පෝස්ටරයක් සැකකරුවන් විසින් අලවා ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මන්නාරම  මහේස්ත්‍රාත් අධිකරණයට පහරදීම සම්බන්ධයෙන් අධි චෝදනාලත් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව මන්නාරම  මහාධිකරණය මගින් තීන්දුව ලබාදීමට පෙර දින මෙම පෝස්ටර් අලවා ඇති බවද සඳහන් කළේය.

මහාධිකරණය මගින් අධි චෝදනා ලැබ වරදකරුවන් වූ චූදිතීන්ගේ මිතුරන් යැයි කියන පිරිසක් මෙම අපරාදය මෙහෙයවා ඇති බවට සාක්ෂි ඇති බවත් මෙම සැකකරුවන් විසින් පෝස්ටර් අලවා අදාළ ඡායාරූප අපරාදය මෙහෙ යවූ පුද්ගලයන්ට යවා ඇති බවද පැවසීය.

"ලෝක අධිකරණ ඉතිහාසයේ එක් දිනක් තුළ සාක්ෂි පනස් තුනක් විභාග කරලා."අධිකරණ සේවා කොමිසම නිදිද?"යනුවෙන්  සඳහන් කර ඡායාරූප ද සහිතව පෝස්ටරේ ප්‍රදර්ශනය කර ඇති බව සඳහන් කළේය.

මෙම පෝස්ටරය සම්පූර්ණයෙන් අපහාසයක් බවත් අදාළ මහාධිකරණ නඩුව 2011 වසරේ පවරා,නඩු විභාගය 2021  වසරේ ආරම්භ කර 2024 අගෝස්තු මස 29 වැනි දින තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නඩුවක් බවත්,අපරාධකරුවන් සිය මිතුරු චූදිතීන්ගේ බලපෑම මත මෙම පෝස්ටරේ අලවා ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කළ පැමිණිල්ල හා  මහාධිකරණ විනිසුරු වරයා ඉදිරිපත් කළ පැමිණිල්ල ප්‍රකාරව තවදුරටත් විමර්ශන සිදු කරන බවත් සඳහන් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත, උප පොලිස් පරීක්ෂක චතුරංග නිලධාරියා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් අධිකරණයේ පෙනී සිටියේය.

ප්‍රධාන සැකකරු  මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහු පදිංචි ස්ථානය අතහැර දමා ගොස් ඇති හෙයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිසිය පැවසීය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් විමර්ශන ප්‍රගතිය 26 දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.



අදහස් (0)

මන්නාරම විනිසුරුට අපහාස කළ බස් රියදුරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site