
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ තිබෙන ඉතාමත් මන්දගාමී ලෙස වාහන ධාවනය කිරීමට සිදුවන මාර්ග පද්ධති වලින් එකක් ශ්‍රී ලංකාව සතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යනයකින් හෙළිවී ඇත.
ශ්‍රී ලංකාවේ තිබෙන ඉතාමත් මන්දගාමී මාර්ග පද්ධතිය බොලිවියා රාජ්‍යයේ මාර්ග පද්ධතියට සමාන වන අතර නිකරගුවාව සහ බංගලාදේශයට පමණක් ඉහළින් සිටින බව පැවසෙයි.
ශ්‍රී ලංකාවේ සාමන්‍යයෙන් වාහනයක් ධාවනය කළ හැකි සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර 50 ක් වන අතර පිළිවෙලින් නිකරගුවාවේ පැයට කිලෝ මීටර 46 ක්ද, බංගලාදේශයේ පැයට කිලෝ මීටර 41 ක් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යනයට අනූව රටක ඉතාමත් මන්දගාමී ලෙස වාහන ධාවනය කිරීමට සිදුවන මාර්ග පද්ධතියක් තිබීමෙන් පිළිබිඹු වන්නේ එම රට ආර්ථික සංවර්ධනය කිරීමට දරණ උත්සාහයේදී එහි ආර්ථිකයට බාධක වලට මුහුණ දීමට සිදුවී ඇති බව යැයි පැවසේ.
ඉන්දියාව,ඇෆ්ගනිස්තානය,මොන්ගෝලියාව සහ ඉන්දුනීසියාව යන රටවල මාර්ග පද්ධතියන් හි වාහන ධාවනය කළ හැකි සාමාන්‍ය වේගය පිළිවෙලින් පැයට කිලෝ මීටර 58ක්,57ක්,56ක් සහ 55ක් බව එම අධ්‍යනයේ දැක්වේ.
හොඳ වේගයකින් ධාවනය කළ හැකි මාර්ග පද්ධතියක් තිබේ නම් දුර පළාත් වල සිටින පාරිභෝගිකයන් වෙත වුවද ඉක්මනින් බඩු බාහිර ආදිය රැගෙන යාමට අවස්ථාව ලැබෙන අතර එමගින් නිෂ්පාදන ඵලදායිතාව වැඩි කර ගැනීමටත් දුගී භාවය අඩු කර ගැනීමටත් හැකියාව ලැබෙන බව පැවැසෙයි.
එසේම තිරසර සහ සාර්ව ආර්ථික වර්ධනය සඳහා එය දායකත්වය සපයන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යනය මගින් පෙන්වාදී ඇති ආකාරයට ධනවත් රටවල් වන ඇමෙරිකා එක්සත් ජනපද මාර්ග පද්ධතියේ වාහනයක් ධාවනය කළ හැකි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 107 වන අතර සෞදි අරාබිය,කැනඩාව සහ පෘතුගාලයේ වාහනයක් ධාවනය කළ හැකි සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර 106 ක් වේ.
ලෝකයේ රටවල් 162 ක ගූගල් මාර්ග සිතියම් භාවිතා කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මාර්ගවල ගුණාත්මකභාවය මැනීම සඳහා නිර්මාණය කරන කරන ලද මෙවලමක් මගින් මෙම අධ්‍යනය සිදු කර ඇත.මෙමගින් කිලෝ මීටර 80 දුරින් පිහිටි නගර දෙකක් අතර ගමන් කිරීමට ගතවන සාමාන්‍ය කාලය ගණනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග හදන්න දෙන සල්ලිවලින් 75% ක් ඇමැතියයි, එයාගේ ගෝලබාලයොයි, මයිනලාගේ පවුලයි එකතුවෙලා හොරාකන කොට මාර්ග පද්ධති දියුණු වෙයිද?
මන්දගාමී මදිවට විනයක්, හික්මීමක් නොමැති මිනිස්සු සහ සරසවි සිසුන් පාරවල් වහගෙන කරන නාඩගමත් එක්ක මේක තමයි නොදියුණුම රට..!
පාරවල් කන්නද කියන අයට හොඳ කණේ පාරක්...!
මන්දගාමී කියන්නේ, හොඳටම මන්දගාමී වෙලා තමයි තියෙන්නේ. ඒ මදිවට, පොලිසිය කරන්නේ, වාහන දෙකක් මාරුවෙන්නත් අමාරු පාරවල්වල මැදින් ඇති ඉරක් කපනකන් ඉන්නවා දඩකොළ දෙන්න. ඒත්, ඒ පොලිසියේ කෙනෙකුටවත් බැහැ ඉර නොකපා වාහනේ පදවන්න. ඒ තරම් පටු පාරවල් තමයි මේ රටේ තියෙන්නේ... ඒ වගේම, සමහර ත්‍රි වීලර් කරුවන් හා බස්කරුවන් හිතන් ඉන්නේ පාර ඒ අයගේ කියලා. මෙන්න මේ වගේ පාරවල් තමයි අපට තියෙන්නේ...!
මෙච්චර කල් පාරවල්මනේ හැදුවේ. හැදුවට වඩා ගසා කාපු එකනේ කළේ... දැන් පේනවනේ ආශ්චර්යය.. සෞභාග්‍යය කොහොමද කියලා...
සමගාමීව ග්‍රාමීය මට්ටමෙන්... කර්මාන්ත හා සේවා දියුණු කරන්නේ නැතිනම් මාර්ග අධිවේග කිරීමෙන් ඵලක් නැත..
IMF එකටත් පිස්සුද මන්දා...? අපේ දේශපාලකයින්ට ඕක කිව්වාම ඔය හම්බ වෙන්න තියෙන එකෙන් ආයෙත් පාරවල් හදන්න ගනියි.
ලංකාවේ පාරක් කොච්චර වියදම් කරලා හැදුවත් ලේන් දෙකයි එක පැත්තකට. වාහන නවත්තන්න තැන්නැති නිසා හැමෝම පාර අයිනේ නවත්තන්නේ... එතකොට ඉතුරු එක ලයින් එකයි. ඒකෙත් කොට කොටා යමු... ප්‍රයිවට් බස් එකක් ගියාම අනිත් වාහන ඉබි ගමනින් තමයි... හොඳම උදාහරණේ වැඩිම රජයේ කාර්යාල තියෙන බත්තරමුල්ල...
වාහන තදබදය වැඩි නගරවල ගුවන් පාලම් ඉදිකිරීම, මාර්ග පුළුල් කිරීම පසෙක දමලා.., හම්බන්තොට සහ අනෙකුත් ජනශුන්‍ය ප්‍රදේශවල අලි ඉන්න කැලෑ කැපීම, අධිවේගී මාර්ග හැදීමේ විපාක අද අත්විඳිමින් සිටිමු.
මාර්ග සෑදීමට විරෝධය දක්වන අය දැන්වත් තේරුම් ගන්න. නමුත් මාර්ග සෑදීමෙදී වංචා, දූෂණ නතර කිරීමත්, වංගු සහිත ස්ථාන අවම කිරීමත් අත්‍යාවශ්‍යය්. රටක අධිවේගී මාර්ග පද්ධතියක් තිබිය යුතුමයි...
මෙතන සත්‍ය ගැටළුව නම් අපේ මාර්ග පද්ධතියේ භෞතික තත්ත්වයම නොවෙයි. මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන තරම් රථවාහන සංඛ්‍යාවක් රට තුළ තිබීම හා විනයක්, හික්මීමක් නොමැති වාහන ධාවන කරුවන් බහුලවීම...
වියදම් කරපු හරියක් පාරවල් වලට... නමුත් ප්‍රමිතියකට වැඩක් කරලා නෑ. වැඩි හරියක් සාක්කුවලට තමයි ගිහින් තියෙන්නේ. හොරකමින් ජීවත් වීමට ලැජ්ජා නැතිකම තමයි ප්‍රධාන කාරණාව...
මෙතන මේ කියන්නේ අධිවේගී මාර්ග හදන්න කියන එකක් නෙවෙයි. රටේ සමස්ත මාර්ග පද්ධතිය ගැන පොදු අගයක්. මෙහෙම වෙන්න හේතුව සරලවම මාර්ග තදබදය. අනක් අතට ලංකාව වගේ රටක නිෂ්පාදන හා බෙදාහැරීමේ පද්ධතිය ගැන අවබෝධයකින් තොරව මේ වගේ සංඛ්‍යා ලේඛන විග්‍රහ කරන්නත් බෑ. ලංකාවේ රට මැදට වෙන්න කඳුකරය. පාසැල්,කාර්යාල, ගණනාවක් එකම පොදියක් ඇතුළේ ගොනු වෙලා. රියදුරන්ගේ විනය අන්තිමයි. මේක පාරවල් කන්නද අහන අයට උත්තරයක් කියනා අයට පෙනිලා නෑ, එතකොට ඇෆ්ඝනිස්ථානය කොහොමද ලංකාවට වඩා උඩ ගියේ කියලා. හේතුව රට ලොකුයි,වාහන අඩුයි. නාගරීකරණය අඩුයි.
ඒ මදිවට පොලිසියෙන් උපදෙස් දෙන්නේ හිමින් යන්න කියලා...
මන්දගාමි වෙන්න හේතුව මාර්ගය දෙපස කඩ ඉදි කිරීමයි. ඒවගේ බයිපාස් මාර්ගවලත් දැන් දැන් කඩ ඉදිවෙමින් පවතිනවා. මේවා නවත්වන්න කවුරුවත් නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංවිධායකයින්ට බලන්න තියෙන්නේ ඕවා නෙවෙයි, මේ රට විනාශයට පත්වුනේ කොහොමද? ඒකට වගකිවයුත්තන් කව්ද කියලා...
මාර්ග වල ඇති වේග සීමාව වැඩිකිරීම මගින් මෙය විසඳීමට හැකියි. ප්‍රවාහන විශේෂඥයින්ගේ මන්ද මනසික විසඳුම්ද මේවාට බලපා තිබේ...!
වාහන ගමන මන්දගාමී වීමට 1. හේතුව ගැහැනුන් පාරේ වේගයෙන් යන ලේන් එකේ 20 වේගයෙන් යාමයි. මම ඈත ඉඳලාම කියනවා අර වාහනය එළවන්නේ කාන්තාවක් කියලා. 2. ත්‍රිවීලර් කාරයින්. 3. පාරේ මැද ගාටන යන මෝටර් සයිකල් කාරයින්. 4. පාරේ ඉස්සරහ ඉඩ තිබුණත් ගාටන මිනිස්සු මොවුන් කීප සැරයක් හෝන් ගහලා තමයි ඉක්මන් කරවන්නේ... මම නම් මැද ඇඟිල්ලත් පෙන්වලා ඕවර් ටේක් කරන්නේ...!