
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 101 දෙනෙකුට බත්තරමුල්ල වියත්පුර මහල් නිවාස සංකීර්ණයෙන් සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස්දී ඇත.
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ව්‍යාපෘතිය හදිසියේම මෙසේ නතර කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් යම් යම් විරෝධතාද පසුගිය කාලයේදි එල්ලවී තිබූ බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.
බත්තරමුල්ල වියත්පුර නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලබන්නකි.
නිවාස ලබා ගැනීමට බැංකු ණය ක්‍රමයක් යටතේ සහනදායි ණය ලබාදීම එම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණ. ඒ යටතේ මන්ත්‍රීවරයකු වෙනුවෙන් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ණය මුදලක් ලබාදීමට අපේක්ෂා කෙරුණු බව එම ආරංචිමාර්ග සඳහන් කළේය.
එම නිවාස ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට සිය විරෝධය මතු කර ඇතැයි වාර්තා වේ.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් නිවාස නොලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුට නිවාස කුලියට ගැනීම සඳහා රුපියල් 75,000 බැගින් ඔවුන්ගේ වැටුපට එක්කරන බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට බරක්වන 225 ම ගෙදරයාම වැඩි ඈතක නැහැ බොලව්.
ඔය එක්කම තමුන් ළඟ වැඩකරන ආණ්ඩුවෙන් පඩිගෙවන පවුලේ අයත් දොට්ට දාන්න.
රුපියල් මිලියන 10 අවුරුදු කීයකින් අයකරන ක්‍රමයක්ද? මන්ත්‍රීලා බොහෝදෙනෙක් වෘත්තියක නිරත වන අය නොවේ... ඉතින් ගෙවන්න ඕනෑ ජරාව කාලා නේද? මේක තමයි තරුණ උද්ඝෝෂණවල මුල.
දැන් එතකොට අවුරුදු 5කට පාර්ලිමේන්තු එන මන්ත්‍රී කෙනෙක්, කෝටියක් ණය අරගෙන ගෙවල් ගත්තාම ඊළඟට එන මන්ත්‍රීලාට අලුත් ගෙවල් හදනවාද? රට හූරලාම කාලා, හප කරලා තියෙන්නේ...!
රට මෙතරම් හිඟමනට පත්කළ අයට තවත් මොනවටද සැපදෙන්නේ? මැති ඇමැති විතරක් නොවේ. දේශපාලනයට සම්බන්ධ කාටවත් මොනම දෙයක්වත් දෙන්න හොඳ නැහැ. දේශපාලනය ඉක්මණින් මුදල් හොයන්න පුළුවන් රැකියාවක් හැටියට නොව සමාජ සේවයක් හැටියට පවත්වාගෙන යන්න ඕනෑ. පගා ගහන්න කලින් දේශපාලනයට සහ රාජ්‍ය සේවයට සම්බන්ධ සේරගේම හත්මුතු පරම්පරාවේම වත්කම් ලේඛන ගත කරන්න ඕනෑ. නැතුව මේ රට හදන්න බැහැ.
225ම ගෙදර යා යුතුයි, 225ම විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි... දැනට විශ්‍රාම ලබා සිටින සියළුම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි. සියලුම ජනාධිපති වරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි. දැනට විශ්‍රාම ලබාසිටින ජනාධිපතිවරුන් සහ බිරින්දෑවරුන් සිටී නම් ඔවුන්ගේද විශ්‍රාම වැටුප් අහෝසි කළ යුතුයි. විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබාදෙන නිවාස නැවත රජයට පවරා ගත යුතුයි. මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ජීවත්වීමට නොහැකි නම් රජයෙන් ලබාදෙන පිං පඩිය ලබාගත හැකිය. පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දැමිය යුතු අතර, ආහාර අවශ්‍ය නම් මුදල් ගෙවා ලබාගත ක්‍රමයක් සකසා දිය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිදහස් වාහන බලපත්‍රයක් ලබා නොදිය යුතුයි. ඔවුන්ට අවශ්‍ය නම් මහජනතාව සේම ඔවුන්ද බදුගෙවා වාහන ලබාගත යුතුයි. 1977 සිට මේ දක්වා පාර්ලිමේන්තුවේ සිටින සහ නොසිටින මන්ත්‍රීවරුන්ගේ සහ ඔහුගේ නෑ හිතමිතුරන්ගේ නිවාස සහ මුදල් ගැන විගණනයක් කළ යුතුයි. 1977 සිට මේ දක්වා සෑම රජයක් මගින් ලබාගත් ණය මුදල් ගැන විගණනයක් කළ යුතුයි.
කීර්තිමත් රැකියා ඉතිහාසයක් ඇති වෘත්තිකයින් පමණක් පාර්ලිමේන්තු යැවීමට කටයුතු කළ යුතුයි. මෙම තනතුරු ගරු කටයුත්තක් යැයි සලකා තාවකාලිකව ධුර කාලයේ භාවිතා කොට බාරදිය හැකි සාමාන්‍ය පිළිවෙලකට ඇති නිවසක් සහ සාමාන්‍ය වාහනයක් දීම සෑහේ. පාර්ලිමේන්තු සභිකයින්ගේ නෝනලාට ලේකම් තනතුර දීමද, පවුලේ අයට තම අමාත්‍යාංශයේ ටෙන්ඩර් පටිපාටියෙන් තොර හෝ සහිතව කොන්ත්‍රාත්තු සපුරා තහනම් කළ යුතුයි. ඔවුන් ධුරයේ මුල සිටම ඉලක්කගත වැඩ ටයිම්ලයින් එකකට ඉලක්ක කර ලියා වාර්තා තැබිය යුතුය. එක එකාගේ රණ්ඩු හා ගොබ්බ නාට්‍ය බැලීමට සියළු ජනයා ගොබ්බයෝ නොවෙති.
ඒගොල්ලන් සැප ගන්නවා.. අපි දුක් විඳිනවා.