(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සභාවට එන්නේ  නවකතා  පොත් හා  පත්තර කියවීමට, දුරකතන සංවාදවල යෙදීමට  නොවේ යැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

පාර්ලිමේන්තු රීතිය අනුගමනය නොකරන පිරිස් දෙපැත්තේම සිටින බව පැවසූ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ අවම ශික්ෂණය පවත්වාගෙන යෑමට මන්ත්‍රීවරුන්ට වගකීමක් තිබෙන  බවද  සඳහන් කළේය.

ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පැමිණි බව කියමින් සමහරුන් උදේට මැතිසබයේ කරන්නේ කුමක් දැයි තමාට  ප්‍රහේලිකාවක් බවද  ඔහු සඳහන් කළේය.