(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම්දී සමච්චලයට ලක් කරන( බයිට් කරන) සිවිල් ක්‍රියාකාරිකයකු පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිලි කළ බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
මේ පුද්ගලයා තමාටත් ඩයනාගමගේ රාජ්‍ය අමාත්‍යවරියටත් දුරකතන ඇමතුම්දී හෑල්ලුවට ලක්වන ආකාරයට කතා කළ බවද ඔහු සඳහන් කළේය.
දසනායක මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
චාමර සම්පත් දසනායක මහතා මෙසේද පැවසීය.
මේ පුද්ගලයාගේ නම සහන් ගනේගොඩ. මෙයා හිතුවේ නෑ මම එයා හොයා ගනීවි කියලා. පැයක් ඇතුළත මම හොයා ගත්ත. මෙයා අරගලයේ හිටපු කෙනෙක් යුද හමුදාවෙන් පැනල ගියපු කෙනෙක්. ඒ වගේම මෙයාට කාන්තා දූෂණ නඩු අපරාධ රැසක් තියෙනවා. පොලිසි බර ගාණක මෙයාට විරුද්ධව පැමිණිලි තියෙනවා. හැබැයි මෙයාගේ පේජ් එකේ තියෙන්නේ විපක්ෂ නායකතුමාගේ ෆොටෝ එක.
අපිට මඩ ගහලා අපිව නැති කරන්න බැහැ. ඔය වගේ අපතයන්ට අපරාධකාරයන්ට ඒ දේ කරන්න බැහැ. මේ කතා කරන්නෙ සූදනෙක් වගෙයි. මෙයා පට්ට හොරෙක්. මිනීමරුවෙක් මංකොල්ලකාරයෙක්. මේ රටේ පොලිසිවලින් මෙයා හොයනවා. මෙයා ගැන විමසිල්ලෙන් ඉන්න කියලා මම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම සජියගේ රූපෙ ගහගෙන සමාජ මාධ්‍යයේ පක්ෂේ පුම්බන්න හදන්නේ...
දුවන පුහුල් හොඳ බයිට් එකට තමයි.
සෑම දුරකථන පහසුකම් ලබන කෙනෙකුටම කතා කරන කෙනෙකුගේ නම දැනගැනීමට හැකිවෙනසේ ටෲකෝලර් පහසුකම් දෙනවා නම් ඔය තර්ජන ගර්ජන නැතිවී අපරාධ අඩුවෙන්න පුළුවන් කියලා හිතෙනවා
පව් අප්පා උඹලාව නම් දැන් බයිට් වෙලා ඉන්නේ .ගණන් ගන්නම එපා.
මූව බයිට් කරල මදී. අපතය !!!
මට නම් හොඳම බයිට් එක ඉස්සෝ වඩේ
හත්පොලේ ගාගෙන කෑගහනවා යූටියුබ් එකේ තියනවා. ලැජ්ජයි ගරු ජනතා නියෝජිතයාණනි...
අසූචි අනුභව කරන අයට මඩ කියන්නේ රජ බොජුන්...!
අනුන් ගැන ඔහොම කතා කරන්නේ ඔයා හොඳ කෙනෙක්ද?
අපි නම් හොඳට ඇහුවා බඩතඩියා කුණුහරුප කියනවා දුරකථනයෙන්...!