
(සුජිත් හේවාජුලිගේ)
නවක මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 85 දෙනකුට පාර්ලිමේන්තුව කල්තියා විසුරුවා හැරීමත් සමග විශ්‍රාම වැටුප අහිමිවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මන්ත්‍රීවරයකු විශ්‍රාම වැටුප හිමිවීමට නම් පාර්ලිමේන්තුවේ වසර පහක මුළු නිල කාලයම සම්පූර්ණ කළ යුතුවේ.
නව වැනි පාර්ලිමේන්තුවේ නිල කාලය සාමාන්‍ය පරිදි අවසන් වීමට නියමිතව තිබුණේ ලබන වසරේ අගෝස්තු මස 8 වැනිදාය.
මෙසේ විශ්‍රාම වැටුප අහිමිවූ මන්ත්‍රීවරු අසූ පස් දෙනාට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද ඇතුළත් වෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවන්නේ 1977 අංක 1 දරන මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතේ විධි විධාන අනුවය.
වසර පහ සම්පූර්ණ කරන මන්ත්‍රීවරයකුට මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකක මුදලක් විශ්‍රාම වැටුපක් ලෙස හිමි වනු ඇත.
වසර දහයක් සම්පූර්ණ කරන මන්ත්‍රීවරයකුට හිමි වන්නේ මන්ත්‍රී වැටුපෙන් තුනෙන් දෙකක මුදලක විශ්‍රාම වැටුපකි.
මේ අතර මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ මන්ත්‍රී වැටුප සහ අනෙකුත් වරප්‍රසාද සියල්ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසිවී ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දේශපාලකයකු ගේ කර්තව්‍ය කුමක් ද යන්න " විෂයයක් ලෙස පාසල් අධ්‍යාපනයට ඇතුළත් කළ යුතුයි එවිට දේශපාලන සවිඥානයක් සහිත පුරවැසියන් රටේ බිහි වනු ඇත. එතැන් සිට රට විනාශමුඛයට ඇද දමන පාලකයන් පත් නොවනු ඇත
අනේ පව් මීට කලින් එහෙම වෙලා නැතිද? කිව්වා නම් ඔක්කෝමගේ නැති කරනවා කියලා නේ
ඉතාම ඉතා හොඳයි
ලංකාවෙ සියලුම පුරවැසියන්ට අවුරුදු 5ක් මන්ත්‍රීකමක් දෙන්න ඕන. විශ්‍රාම පඩිය ගත්තට පස්සෙ අයින්වෙලා තව කෙනෙකුට දෙන්න ඕන. හැමෝටම ඉක්මනින්ම සුදුසුකම දෙන්න ලංකාවෙ සියලුම ජනතාව එකවර මන්ත්‍රීල කරන්න ඕන. ඔන්න රැකියා ප්‍රශ්නෙට විසඳුම. අවුරුදු පහයි යන්නෙ:))
රටට මහාලොකු සේවයක් කරලා වෙන්න ඇති නේද ?
බලට අතට ගත්තු ගමන් කර ගත්ත නොවැ මහත්ඵල මහානිසංස පව්කාර වැඩක්.... දැන් ඉතින් කී දෙනෙක් අනාථ ද?
ගෙවල් ගිනි තියවන්නේ .කුලියට තමයි යන්න වෙන්නේ
රටේ ජනතාව, ඉදිරි මහ මැතිවරණයේදී, රට කාපු තක්කඩින්ව ඒකමතිකව ගෙදර අරින්න ලෑස්ති වෙන්න ...
රටේ සියලුම වැසියන් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන දවසක් තෙක් අනෙකුත් මන්ත්‍රීන් ගේත් විශ්‍රාම වැටුප ඉවත් කරන්න. අවුරුදු 5 න් විශ්‍රාම වැටුප් ක්‍රමයක් මේ රටට අවැසි නැත.
මේ ආරංචිය හරියට එක්තරා විදියක සිසිල් සුළඟක් වගෙයි. නැවත නැවත අහන්න ආස හිතෙන එකක්. නැත්නම් මේ කාලකන්නින්ගේ පැන්ෂන් ඒකටත් අපේ බදු මුදලනේ යන්නේ. දැන් ඊළඟ පියවර තියෙන්නේ ඔය පනත අහෝසි කරලා මෙච්චර කල් ගෙවපුවත් ඉදිරියේ දී නතර කරන එක. පනත අහෝසි කරලා ඔක්කොගෙම පැන්ෂන් නැති කලොත් අති විශාල අනවශ්‍ය මුදලක් වැයවීම නතර වෙනවා. 99% දේශපාලකයන්ට ඕක අවශ්‍ය නැහැ. ඕනි තරම් ගසා කාලා ගොඩ ගහගත්තු ධනය වස්තුව තියෙනවා. නමුත් අර ලැබෙන හින්දා ඒකත් ඔන්න ඔහේ කියලා ගන්නවා. මොකවත්ම නැති කෙනෙක් ඉන්නවා නම් පමණක් හොයලා බලලා පින් පඩියක් වගේ යැපුම් දීමනාවක් දෙන්න පුළුවන්. අනිත් මුදල් රටේ අධ්‍යාපනය වැනි වැදගත් අංශයකට වෙන් කරන්න පුළුවන්.
මන්ත්‍රීලා, ඇමැතිලා විතරක් නොවේ... ඔවුන්ගේ කාර්යමණ්ඩල කියලා දැනගන්න පවුලේ අයටත් පෙන්ෂන් හැදුවා නේද? මේ වගේ තම රට විනාශ කරලා රට බංකොළොත් කරේ...!
පව් අප්පා..! තිස්ස කුට්ටියාටත් පෙන්ෂන් එක නැති වෙනවාද? රට වෙනුවෙන් මෙච්චර සේවයක් කරපු අයට අලුත් ආණ්ඩුව සලකන හැටි නම් හරි නෑ...
ගරු ජනාධිපතිතුමනි, ඉතාමත් ඉක්මනින් මේ විශ්‍රාම වැටුප් (පින් පඩි ගෙවිම) අහෝසි කරන්න...!
සියලු ඇමැති, මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරනවා කියලා කිව්වා නේද? මතකද දන්නේ නෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රීලාට සේවය කරන කාලයට මාස්පතා සාමාන්‍ය ජනතාවට ලැබෙන ආකාරයට වැටුපට අදාළ EPF /ETF ගෙවුවා නම් ප්‍රශ්නේ විසඳෙනවා නේද?