IMG-LOGO

මන්ත්‍රි සුජිවගේ පෙත්සමේ තීන්දුව 11 වැනි දා

(මනෝප්‍රිය ගුණසේකර)

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධ ීනියෝගය ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.

අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සුජීව සේනසිංහ මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය එදින දක්වා දීර්ඝ කිරීමටත් අභියාචනාධිකරණය නියෝග කෙරිණි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහිර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට එරෙහිව සූජීව සේනසිංහ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් කර ඇත.

 



අදහස් (0)

මන්ත්‍රි සුජිවගේ පෙත්සමේ තීන්දුව 11 වැනි දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 203 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site