
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් ඔහුගේ නම යෝජනා කෙරුණුඅතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා එම යෝජනාව ස්ථිර කළේය.
මෙම තෝරා පත්කර ගැනීම සිදුවුයේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංසදය පසුගිය (11) පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස්වූ අවස්ථාවේදීය.
තවද එහි නියෝජ්‍ය සම සභාපති ලෙස (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා තෝරා පත්කර ගන්නා ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදුක් නිරෝගි සුවය නිරතුරුවම ලැබී, ඔබතුමාගේ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...!
කෝ අපේ යෝගා, ගුණරත්න, ඇතුළු රාජපක්ෂ හොරණෑ?