
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (30)පස්වරුවේ රැස්විය.
අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පැවැත්වුණු පළමු කැබිනට් රැස්වීම මෙයයි.
එම කැබිනට් තීරණය අනුව ඉදිරියේදී අදාළ කමිටුව පත්කොට ඒ සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රතිඥාවකට අනුව මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මීට පෙර වසර පහකට වරක් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් කෙරුණු අතර එම වාහන බලපත්‍රයේ වටිනාකම ඇමරිකා ඩොලර් 55000කට ආසන්න විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.