
(සුජිත් හේවාජුලිගේ )
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම බීම ඇතුළු සියලුම පහසුකම් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ හිටපු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් වාර්තාවක් ලබාගෙන ඇත.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලැබෙන සියලු පහසුකම් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් එම කමිටුවට බාර දෙනු ලැබ ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමනා, ආහාරපාසුකම්, ගිනි අවි, ඉන්ධන, කාර්ය මණ්ඩල පහසුකම් ඇතුළු සියලු කරුණු පිළිබඳව මෙම වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇත.
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට මෙම කමිටුව පත් කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
කමිටුව හිටපු ජනාධිපතිවරුන්ගෙන්ද පසුගියදා ඔවුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු විමසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බලන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍ර සිරි මහතාය.
විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා මුළුමුල්ල යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් සඳහා අවම වරප්‍රසාද සහිතව යන්න