(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් නිසි ලෙස හැසිරෙන්නේ නැති නම් ඒ පිළිබඳව කටයුතු කරන්නට බලය ලැබෙන කෙටුම්පතක් මේ සදුදා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හිටපු කථානායක කරූ ජයසූරිය මහතා එම කෙටුම්පත සකස් කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සිදුවීම් දෙකක් ඇති වූ බව කී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ගෞරවයත් විනයක් කියා දෙයක් නැති දැයි ජනතාව ප්‍රශ්න කරන බව ද  සඳහන් කළේය.

එම නිසා පාර්ලිමේන්තුවේ විනය සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් එංගලන්තයේ තිබෙන පාර්ලිමේන්තු තත්ත්වය පිළිබඳ අවධානය යොමු කොට මේ කෙටුම්පත සකසා ඇතැයි ජනාධිපතිවරයා කීය.