(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් සිවු දෙනකුගේ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නිවෙස්වලට ඉකුත් මැයි 9 වෙනි දින පහරදී ගිනි තබා දේපළවලට අලාභ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ මාලබේ හෝකන්දර නිවසට,මෙන්ම දේපල වලට පහර දි ගිනි තබා අලාභානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු හෝකන්දර ප්‍රදේශයේදී හා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතාගේ නවගමුව ඉහළ බෝමිරිය නිවසට සහ දේපලවලට පහර දී අලාභානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු බෝමිරිය ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතාගේ හිරියාල බෝගහලන්ද නිවසට පහර දී ගිනි තබා අලාභ හානි කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරු වකු කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් මැලිසිරිපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
COMMENTS
මහජනතාව වෙනුවෙන් අපි බලවත් සේ කණගාටු වෙනවා. නිවස පුළුස්සා තිබුණු අන්දම ගැන අප කිසිසේත්ම ඒ පුළුස්සා තිබුණු අන්දම තරයේ ප්‍රතික්ෂේප කරනවා. එසේ කරන්නේ මොවුන්ව ඇතුළට දමා ගිනි නොතැබීම ගැනයි.