IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මන්ත්‍රී අලි සබ්‍රි රහිම් විදෙස් ගත වෙලා?

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සංචාරයක් සඳහා පෙරේදා 25 රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

කෝටි හතහමාරක් අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ ජංගම දුරකථන අනු එකක් නීති විරෝධී ලෙස රැගෙන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ඉකුත් 23 වැනි දා අත්අඩංගුවට ගෙන ලක්ෂ 75කදඩ ගැසූ ඔහු සිද්ධියට දින කීපයකට පසු මෙසේ විදෙස් ගත වී ඇතැයි ද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

ෆලයිඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් ගුවන් යානයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙරේදා රාත්‍රී අටයි පහට පමණ ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපලේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විසින් රැගෙන ආ රත්තරන් සහ ජංගම දුරකථන තොගයරේගු නිලධාරීන් විසින් රාජසන්තක කරනු ලැබීය.

 



අදහස් (16)

මන්ත්‍රී අලි සබ්‍රි රහිම් විදෙස් ගත වෙලා?

Ruhunu Friday, 26 May 2023 10:06 PM

ඔය පාර එන්නේ රත්තරන් ගිලලා...

:       0       8

සමන් - ඕමානය Friday, 26 May 2023 10:34 PM

ටිකක් විමසිල්ලෙන් පරිස්සමෙන් බලාගෙන ඉඳිමු. තොත්ත බබාව ආයේ කවුරු හරි රවට්ටලා මොනවා හරි බෑග් එකට දමයිද දන්නේ නෑ...?

:       0       9

නිහාල් Friday, 26 May 2023 10:37 PM

ඉතිරි ටික ගේන්න වෙන්න ඇති...

:       0       7

Daranagama Saturday, 27 May 2023 04:57 AM

ගෙවපු දඩ මුදලත් රාජ සන්තක කරපු වටිනාකමත් හොයා ගන්න තමයි යන්නේ. ගෝලයත් යන්නට එති. ජයෙන් ජය වේවා!!!

:       0       6

C.K.Lankaputhra Saturday, 27 May 2023 05:35 AM

තව ලෝඩ් එකක් ගේන්න වෙන්නැති. මේ සැරේ ඇල්ලුවොත් මම බලාගන්නං කීවාලු...

:       0       6

gamini Saturday, 27 May 2023 06:49 AM

ඊ ළඟ බඩු තොගය ගේන්න වෙන්න ඇති...

:       1       8

සක්‍රයා Saturday, 27 May 2023 07:37 AM

පාඩුව පිරිමහගන්න තව රත්තරන් තොගයක් අරන් එයි...

:       1       7

Bamunuarachchi Saturday, 27 May 2023 11:17 AM

පර බුන් පරීක්ෂා කරන්න ස්කෑනර් නැතිලු. වැඩේ සිම්පල් කාමරේකට අරගෙන හෝ එළියේ තියාගෙනම ඇඳුම් ගලවන්න. නූල් පාටක් වත් ඇඟේ නැතිවුණාම ෂුවර් බඩු නැහැයි කියලා...

:       1       4

Bamunuarachchi Saturday, 27 May 2023 11:18 AM

දෙවෙනි ස්ටොක් එක ගෙනෙන්න ගියා වත්ද?

:       1       4

sam Saturday, 27 May 2023 11:20 AM

මෙයා මේ පාර යන්න ඇත්තේ මුහුදු මැරයින්ගෙන් රත්තරන් සහ මොබයිල් ගන්න වෙන්න ඇති.. මොවුන් ඔක්කොම හොරු.. රාජපක්ෂ පවුලම හොරා කෑවේ මේ මාර්ගයෙන් තමයි.

:       2       10

BamunuarachchiSaturday, 27 May 2023 03:32 PM

රාජපක්ෂලා මේවගේ හිඟන හොරකම් කළේ නැහැ බන්. කරපු හොරකම් කාටවත් අල්ලන්වත් බැහැ. ඒ හොරකම් වලට මෙතන කියවන ඔබත් ගෙවනවා. ඒවා ක්ලැසික් හොරකම්. ඒ හොරකම් තිබෙන්නේ ජෙප්පන්ට කතා කරන්න විතරයි. අල්ලන්න බැහැ.

:       9       3

fairoosSunday, 28 May 2023 12:55 PM

මෙහෙම වහල්ලු ඉන්නකම් රටට අබ සරණයි තමා

:       0       1

ලසන්ත Saturday, 27 May 2023 01:02 PM

මොනවා අරන් ගියාද දන්නේ නෑ..?

:       0       8

Siri Saturday, 27 May 2023 04:07 PM

මෙයා ඔය වැඩේ කරපු පළවෙනියා නොවේ...

:       0       9

පැරකුම්Sunday, 28 May 2023 11:00 AM

පලවෙනි වතාවත් නොවේ. 225ට තදවෙලා නිදහසට කරුණු කියනවා. ඒත් අපි දන්නවා 225ම එක ගොඩේ කියලා...

:       0       0

Raheem Saturday, 27 May 2023 05:56 PM

මේ යකුන්ට පාලිමන්ට් එකෙන් පඩි ගෙවන්නේ ඩුබායි ගිහින් හොර බඩු ගෙනාවටද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site