(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව නගරයේ දී ඉකුත් වසරේ මැයි නව වැනිදා පහරදී ඝාතනය කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුධ හමුදා සෙබළකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි හෙන්දාවිතාරණ නිපුන බුද්ධික නැමැති නැමැති 26 හැවිරිදි හිටපු යුධ හමුදා සෙබළෙකි.
රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු සෙබළා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි බව පොලිසිය සඳහන් කරයි .
ඔහුට වැළඳී තිබූ බව කියන පිළිකා රෝගයක් හේතුවෙන් මහර බන්ධනාගාරයේ බලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිකාවක් කියන්නෙ ලංකාව දරිද්‍රතාවයෙන් අගාධයට යාමට සැලසූ දේශපාලුවො වගේ භයානක රෝගයක් .1948 න් පස්සෙ සියල්ලම රජයෙන්ම සපයා ජනතාව නඩත්තු කලයුතුය කියූ සමාජවාදීන් මෙන්ම තමන්ට වඩා ආර්ථික ශක්තියක් තිබුනු අයගේ විනාශය ඇතිකල අයත් කැරැල්ලෙන් බලය අල්ලාගෙන රජවීමට සිතූ සැමත් රටේ සම්පත්වලින් ඉදිකල දේවල් තම තමන්ගෙ අයගේ නම්ගසා කටයුතු කල එවුනුත් රටේ සම්පත් හා පුණ්‍යාධාර බඩගෝස්තරයට යටිමඩි ගැසූ එවුනුත් විවිධාකාරයෙන් ජනතා මුදල් යටිමඩි ගැසූ රජයේ නිළධාරින් කියාගන්නා එවුනුත් ඔක්කොමලා දරුණුම පිළිකා වසංගත තමයි එනිසා දැන්වත් එම පිළිකා තත්වයන් විනාශ නොකොලොත් රට තවත් අගාධයට යාම නවතින්නේ නැහැ
නිර්පාක්ශික අරගලේ ජෙවිපි වූනා, අවිහිංසාව මිනී මරල, ගෙවල් ගිනි තියල ඉවර කරා. මෝඩ සෙට් එක ඉඟුරු දීලා මිරිස් ගත්තා.
මැරුවේ අහිංසකයෙක් කියල හිත දන්නවනේ. එච්චර ගහද්දිත් පිස්තෝලෙ අරන් වෙඩි නොතියා හිටියනේ. ඒව හිතේ කැකෑරෙන්න ඇති. සොබාදහමේ දඬුවම් වලින් බේරෙන්න බෑ.
අරගල විරුවෙක්. නීතියෙන් නැතත් දෙයියෝ දඬුවම් දීල.
දිට්ඨ ධම්ම වේදනීය කර්මය
අනිත් සඟයන්ටත් මෙහෙම වෙයි නේද ආයිබෝන්
කල කම් පල දෙනවා නම් ඒක කාටත් පොදුයි .ජනාධිපති ද ඇමති ද මන්ත්‍රී ද පාරේ යන මිනිහෙක්ද ඔබද මම ද කියලා කිසිම වෙනසක් නෑ .අපිත් බලාගෙන ඉන්නේ ඒ නඩු තීන්දු වැඩ කරන්න පටන් අරන් තියෙන හැටි .නිදහසේ අන්දෝනාවෙන් පිනා ත් එලියට දැම්මේ ඒ වගේ දෙයක් නේ
ස්වභාව ධර්මයාගේ දඬුවම් ඉතාමත් කටුක බව කවුරු කවුරුත් සිහි තබාගත යුතුමයි .ඔහුගේ දඬුවම ළමයින් පිටින් උවද යා හැක
මේකාගේ මිනිය වත් එල්ලා තියමු.
මෙතන සේනක කිියලා මහත්මයෙකුට ජවිපෙ භීතකාව. ඔය මැරිච්ච කෙනා ජවිපෙද? මැයි නමය ගිනිතිබ්බෙ ජවිපෙද? එහෙම නම් මේ දැන් රට කරන පාලකයො මෙහෙම හැසිරෙයිද? ජවිපෙ දහවතාවක් වත් තහනම් කරාවි. සාමකාමි අරගලයට අරවගේ මිලේච්ඡ විදියට පහර දුන්නම ලේ කකියන්නෙ නැත්තෙ කඩේ තමුන්නැහැලා වගේ මේ මුග්ද ක්‍රමය ඉදිරියට ගෙනියන්න කැමති අයම පමණයි.
පිළිකා රෝගියෙක් හාට් ඇටැක් එකකින් වගේ එකපාර මැරෙන්නේ නැහැනේ...