
( මහින්ද නිශ්ශංක)
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
මේ අනුව අද උදේ කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා හා මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රිය දෙක ඇතුළු දුම්රිය කීපයක් අවලංගු කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි
මෙයට අමතරව ගල් ඔය සිට ත්‍රීකුණාමලය දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙකක් හා මහව සිට මඩකලපුව දක්වා ධාවනයවීමට තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය දෙකක් ද අවලංගු කිරීමට පියවර ගත් බව ද දෙපාර්තමේන්තුව පවසයි.
කොළොන්නාව තෙල් තොග ගබඩාවේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ මෙම ඉන්ධන දුම්රියේ දුම්රිය එන්ජිම, නියාමක මැදිරිය හා තෙල් ටැංකි හතරක් ද පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.