
(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගය පක්ෂයේ මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල රැස්වීම් කිහිපයකට සහභාගීවී කතා පැවැත්වූ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතාට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් අවවාද කර ඇත.
මින් ඉදිරියට එවැනි කටයුතු වල නොයෙදෙන ලෙසටද ඔහුට දැනුම් දුන්නේ යැයි කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
ජනපති අපේක්ෂකයකු වෙනත් අපේක්ෂකයෙකුගේ රැස්වීමකට සහභාගිවීම මැතිවරණ නීතියට ගැනෙන වරදක් නොවූවත් ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනාවක් මතු කළ හැකි බවද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් අප පසුගියදා කළ විමසුමකදී පේමසිරි මානගේ මහතා පැවසුවේ ජනතාවගෙන් ඉදිරිපත්වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තමා එම රැස්වීම්වලට සහභාගිවූ බවයි.
ජනතාවට පණිවිඩයක් ලබාදීමට තමා ඒ ස්ථාන පාවිච්චි කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මානගේ මහතා 2004-2010 අතර කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd