
(අංජුල මහික වීරරත්න)
මධ්‍යම සංස්කෘතික අරමුදල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික ස්මාරක සංවර්ධනය කිරීම, දේශීය හා විදේශීය සංස්කෘතික ස්මාරක සංවර්ධනය, ප්‍රතිසංස්කරණය කිරීම හා ආරක්ෂා කිරීම, සංස්කෘතික කටයුතු සංවර්ධනය කිරීම ආදී කාර්යයන් සඳහා දරන ලද වියදම් පියවීම, කලාකරුවන්ට මුදලින් ආධාර පිරිනැමීම මෙන්ම සංස්කෘතික හා ආගමික ක්ෂේත්රයන්හි ජාතිය වෙනුවෙන් සේවය කළ තැනැත්තන්ට ප්‍රදානයන් සිදු කිරීම යන කටයුතු 1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල පනතේ විධිවිධාන යටතේ පිහිටුවනු ලැබ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සිදු කරනු ලබයි. එකී පනත පාර්ලිමේන්තුවේ සම්මත වී මේ වන විට වසර 45 කට වැඩි කාලයක් ගත වී ඇති අතර, එහි ඇතුළත් විධි විධාන වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, එකී පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd