හිටපු පාතල ක්‍රියාකරුවකු හා මත් ජාවාරම්කරුවක ලෙස ප්‍රසිද්ධව සිටි මා කඳුරේ මධූෂ්ගේ ඝාතනයට සාධාරණය ඉල්ලා මදුස්ගේ බිරිඳ ගයානි මුතුමාලි මහත්මිය අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණියාය.
මාකඳුරේ මධූෂ් ඝාතනය සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මා කඳුරේ මදුස්ගේ බිරිඳ සමග නීතිඥ සේනක පෙරේරා,සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු නදිමාල් සිල්වා ද පොලිස් මූලස්ථානයට පැමිණියහ.
වසරකට වැඩි කාලයක් අපාරාද පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටි මාකඳුරේ මදූස් කොළඹ අපරාධ කොට්ඨාසයට මාරු කර දින හතරක් තුළදී මෙම ඝාතනය සිදුවූ බවත් මෙම ඝාතනයට එවකට සිටි පොලිසියේ ප්‍රධානීන් කිහිපදෙනකු වගකිය යුතු බවත් ඔවුහු චෝදනා කරති.
මාකඳුරේ මදුෂ්ගේ වත්කම් සම්බන්ධයෙන් ඔහු ඇසුරු කළ බොහෝ දෙනා දැන සිටි බව ද ඇය ප්‍රකාශ කළාය. බොහෝ කරුණු යටපත් කිරීමට මෙම ඝාතනය සැලසුම් සහගතව සිදු කර ඇති බව ඔවුහු චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් උගෙන් සල්ලි අරන් ගනිපු උන්ගේ නම් එලියට දායි කියලා මරලා
මිනිහා අනෙක් අය මරණ එක මානුෂීයද?
බලලෝභී බඩගෝස්තරවාදි දූෂිත දේසපාලුවන්ගේ කෙරුම් එළියට දායි කියන බයට ඔහුගේ ජීවිතය නැති කෙරුව බව දන්නෝ හොන්දාකාරවම දන්නවා.
මැරිච්ච එකා ජීවත්ව ඉන්න කාලේදී අනිත් එවුන්ව මරපු එකේ, ඌ මළහම තවත් මොන සධාරණයක්ද? අනික, එකා මැරිච්ච එකෙන් හරියටම සධාරණය ඉෂ්ඨ වුණේ ඒකාව පාතාලේ කුඩු රජෙක් කරපු තක්කඩි දේශපාලුවන්ට