IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


මධූෂ්ගේ අවසන් රංග භූමිය

 

පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන  මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා  මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් අද (20)   මිය ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

 ( ඡායාරූප- ළහිරු හර්ෂණ) 

සබැඳි

මාකඳුරේ මධූෂ් වෙඩි වැදී මරුට

 



අදහස් (16)

මධූෂ්ගේ අවසන් රංග භූමිය

janaka Tuesday, 20 October 2020 06:36 AM

මේ රටේ තරුණ පරපුර විනාශ කරන විෂ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා බෙදාහැරපු, නීතියට අභියෝග කරපු, ඒ වගේම නීතියේ ආරක්ෂාව ඇතිව මත්ද්‍රව්‍ය ජාවාරම් කරපු හැම එකාවම මේ විදියට මරාදාන්න ඕනෑ. ඔවුන්ගේ මිනියවත් මේ රටේ වළදාන්න ඉඩ නොදිය යුතුයි. නැත්නම් මේ අයගේ පරම්පරා වලින් පසුකාලීනව සමරු උත්සව පවත්වනවා. මොවුන් විතරක් නොවෙයි, රටටම කොකා පෙන්වමින් ජාවාරම කරපු නාකොටික් එකේ සෙට් එකත් උන්ගෙ උනුත් මේ විදියට මරාදාන්න ඕනෑ. අද ශ්‍රී ලාංකික අපි ඉතාම සතුටුවිය යුතු දවසක්...

:       12       45

VipulaTuesday, 20 October 2020 10:24 AM

මරාදැමිය යුතුයි. නමුත් මෙය නොවේ ක්‍රියාදාමය... මොහුගේ මරණයත් සමග වඩා සැනසෙන්නේ මොහුට රැකවරණය දුන් ප්‍රභූවරුන්ට නොවේද? වැලිකඩ සිරගෙදර සිදුවූ ඝාතනයේ දිගුවක් නොවේද මෙය..? 

:       9       57

siri Tuesday, 20 October 2020 08:12 AM

ඒ සමගම ඔහුගේ කටද වැසීගිය බව දන්වමු. අරයා අල්ලගෙන ආවා. මෙයා පාතාලෙටම ඇරියා...

:       4       38

ඉන්ටර්නෙට් Tuesday, 20 October 2020 08:27 AM

අන්තර් ජාලයෙන් උපුටා ගැනීමක්: "දේශබන්දු සමරසිංහ මහතා පවසන ආකාරයට මෙම මෙහෙයුම කිසිඳු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමටත් අසමත් වෙමින්, තමන් සන්තකයේ සිටි ඉතාමත්ම වැදගත් සාක්ෂිකරුවකු ද අහිමි කරගත් අන්තිම අසාර්ථක මෙහෙයුමක් බව පෙනේ. මාකඳුරේ මධුෂ් තමන්ට තිබුණු දේශපාලන සබඳතා මෙන්ම ඉහළ මට්ටමේ තවත් සබඳතාද ගණනාවක් ගැන තොරතුරු අනාවරණය කර ඇති බව මීට පෙර විවිධ දේශපාලනඥයින් මෙන්ම මාධ්‍යද වාර්තා කර තිබුණු අතර වෙනත් තැන්වලදී පොලිස් දෙපාර්තමේන්තුවේද ඇතැමුන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිටින ආකාරය පසුගිය සමයේදී සාක්ෂි සහිතවම අධිකරණය හමුවේ දිගහැරී තිබිණි. මාකඳුරේ මධුෂ්ව අධිකරණයකට ඉදිරිපත් කර, එහිදී ඔහුට සියල්ල හෙළිකිරීමට අවස්ථාව ලබාදුන්නේ නම් මෙරට මහා පරිමාණ පාතාලයට සහ මත්කුඩු වෙළඳාමට අනුග්‍රහය දක්වන පාර්ශ්ව අති බහුතරයක් සොයාගැනීමටද හැකි වන්නට ඉඩ තිබිණි. ඒ සියල්ල මේ සුවිශේෂී සැකකරු අහිමි කරගත් අසාර්ථක පොලිස් මෙහෙයුම නිසා යට යනු ඇත.."

:       6       150

සමන් - ඕමානය Tuesday, 20 October 2020 09:18 AM

දිට්ඨධම්මවේදනීය කර්මයක් ඇස් පනා පිට!!! අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. අපරාධකරුවන් හට නීතියෙන් මරණ දඬුවම නුදුන්නත්, කෙසේ හෝ ඔවුන්ට එය ලැබෙන බවට ප්‍රත්‍යක්ෂ කරන සිදුවීමකි. කෙනෙකුගේ මරණය සතුටට කරුණක් නොවිය යුතු නමුත්, මෙය නම් රටටම හා අනාගත පරපුරට වූ යහපතක් බව නම් නොකියාම බැරිය. ඉතිරි අපරාධ කරුවන්ද, කුඩු ජාවාරම් කාරයින්ද නීතියෙන් හෝ අවනීතියන් ජන සමාජයෙන් සදහටම තුරන් වේවා...

:       4       40

විජිත් Tuesday, 20 October 2020 10:37 AM

මේ සියලුම පාතලයින්ගේ "ගෝඩ් ෆාදර්ලා" හැමදාමත් යහතින් දියවන්නාවේ ඌරු කොටුවේ හිඳිමින්, රටේ මහජනතාවගේ ලේ බොමින්.. කුඩු ගෙන්වමින් යහතින් ජීවිත ගතකරති.

:       3       40

jagath G Tuesday, 20 October 2020 10:45 AM

ආ.. ඒ කොහොමද වුණේ අප්පච්චි..?

:       3       16

Champa Tuesday, 20 October 2020 11:01 AM

"කෝ අනේ මෘත ශරීරය?" මම හැමතැනම හොයනවා. අපිට පෙන්නන්නේ නැත්ද? එහා පැත්තේ මේ ප්‍රවෘත්තිය දැකපු ගමන් මට අහන්න හිතුනේ කෝ කියලා. එතකොට පින්තූර ලැබිල නැතුව ඇති කියලා හිතලා නිකම් හිටියා. මාකඳුරේ මධුෂ්ගේ බිරිඳ ඒක අඳුර ගත්තලු. බලන්නකෝ. සාමාන්‍යයෙන් මෙහෙම වුණාම ඉස්සෙල්ලම පෙන්වන්නේ මෘත ශරීරය... කෝ ඒක? අතුරුදහන් වුණාද? පිටරට ගියාද? ගරු පිණිස හැංගුවද? නැත්නම් එය ප්ලාස්ටික් සැත්කමකට ගෙනිච්චද? පිස්තෝලත් තියෙනවා. වෙඩි වැදුණු ත්‍රීවීල් එකකුත් තියෙනවා. හරිම ත්‍රාසජනක චිත්‍රපටියක් වගේ නේද? හැබැයි අධක්‍ෂණය සෑහෙන්න අතාත්විකයි. මේකේ අධ්‍යක්ෂණය ශ්‍රී ලංකා පොලිසිය වෙන්න බැහැ. පොලිසිය දන්නවා තාත්විකව මේ වැඩේ කරන්න. මේක නවක අධ්‍යක්ෂකවරයෙකුගේ වැඩක්. ඊළඟ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා කන්ජිපානිද?

:       6       11

Champa Tuesday, 20 October 2020 11:24 AM

මේ මාසේ 28, ඇමරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ලංකාවට එනකොට, 20 සම්මත කරගෙන ඇමරිකන් පුරවැසියෙක් විදිහට ලංකාණ්ඩුව වෙනුවෙන් එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න ආණ්ඩුව දඟලන දැඟලිල්ලේ තරම මාකඳුරේ මධුෂ් චිත්‍රපටයෙනුත් පෙන්වනවා. රටේම ඇස ඇරවපු, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, පූජ්‍ය බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවරු 6 දෙනාගේ ලියුමෙන් පස්සේ දැන් ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසියන්ට ඉඩදීමේ වගන්තිය හැර අනිත් ඒවාට "එකඟලු." අරකට එකඟ වෙන්නේ නැත්තේ 20 සම්මත වුණු ගමන් 19න් ද්විත්ව පුරවැසියන්ට තිබ්බ අවහිරය ඉවත් වෙලා ඔහුට ඇමරිකන් පුරවැසියෙක් විදිහට තනතුරේ ඉන්න පුළුවන් නිසා සහ ද්විත්ව පුරවැසියන් වන කොටි ඩයස්පෝරාව, ඉන්දියානු, මුස්ලිම්, බටහිර ඇතුළු සියලු ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න අනිත් ඇමරිකන් පුරවැසියා එකඟ වෙලා නිසා... ද්විත්ව පුරවැසි පාර්ලිමේන්තු වරම පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ ගැන ඉංග්‍රීසි වෙබ් අඩවියකට ලිව්වා. මෙතනට එවපුවා තාම වැටිලා නැහැ. එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කරන්න හදන්නේ ඇඳිරි නීතිය දාලා කිව්ව එකත් හරි යන ලකුණු පේනවා...

:       3       18

බද්රානි Tuesday, 20 October 2020 01:58 PM

දන්නා සිංහලෙන් නොලියා නොදන්නා ඉංග්‍රීසි වලින් වචන දෙකක් yes, no, ok කියලා ලිව්වාට ඉංග්‍රීසි වෙබ් අඩවිවල පළවෙන්නේ නැහැ. ඒ වෙබ් එඩිටර්ලා බලන්න ඇති මේ පොඩි ළමයෙක් රචනාවක් ලියලා කියලා. තේරෙන්නේ නැති මගුල් වෙබ් පිටුවල පලකරන්න බැරි නිසා කුණු කුඩයට දමන්න ඇති. චම්පා නෝනේ, ඔයාගේ ලිපියක් පලවුණා වෙබ් පිටුවක් කියන්නකෝ බලන්න. මල කෝලම් පයින් යනවා කියන්නේ මේවට තමයි. පිනක්, දහමක් කරගෙන ගෙටවෙලා ඉන්න ආච්චියේ...

:       15       9

ChampaTuesday, 20 October 2020 09:29 PM

භද්‍රානි - ඔබට යමක් කියවා තේරුම් ගැනීමේ හැකියාව බිංදුව බව නැවත පෙන්වලා තියෙනවා. මම කිව්වේ ඒ ගැන ඉංග්‍රීසි වෙබ් අඩවියකට ලිව්වා. මෙතැනට (මේ සිංහල පුවත්පතට) ලියපුවා තාම වැටිලා නැහැ කියලා. (ප්‍රසන්න රණතුංගගේ කතාව තියෙන තැන ඒවා ඔක්කොම දැන්නම් පලවෙලා තියෙනවා) ඉංග්‍රීසි වෙබ් අඩවියකට මම කොමෙන්ට්ස් ලියන්නේ 2015 පෙබරවාරි ඉඳන්. මේ දක්වා අවුරුදු 6කට කිට්ටු කාලයක් ලියපු හැම කමෙන්ට් එකම, ඒ විදිහටම පල වුණා. ඔබ මේ සිංහල පුවත්පතේ "විශේෂාංග" යටතේ තියෙන සිංහල ලිපි කියවන්න. එතකොට කාලයක් යනකොට ඔබට සිංහල භාෂාව කියවා තේරුම් ගැනීමේ හැකියාව දියුණු කරගන්න පුළුවන් වෙයි. ඔබේ සිංහල දැනුම දියුණු වුණු බව මට පෙනුණාට පස්සේ, මම කියපු ඉංග්‍රීසි වෙබ් අඩවියේ නම කියන්නම්...

:       0       7

vidya Tuesday, 20 October 2020 07:39 PM

මේ වගේ අපරාධකරුවෙක් කොහොමද එළියේ සිටියේ?

:       0       0

kamal koyrala Wednesday, 21 October 2020 05:23 AM

මාලා නාට්‍යයේ මීලඟට කන්ජිපානි, ලඩියා, පාස්කු අවසන් කොටස් කිහිපය...

:       0       0

RIHAN Wednesday, 21 October 2020 08:11 AM

2020 හොඳම චිත්‍රපටිය... එතකොට හොඳම නලුවා කවුද? 

:       0       2

thlak Wednesday, 21 October 2020 09:45 AM

මදූෂ්ගේ චිත්‍රපටිය අසාර්ථකයි. ගැලරියත් හිස්... සෙනගත් නැහැ.

:       1       5

Nihal Wednesday, 21 October 2020 12:40 PM

මධුෂ්ගේ අවසන් රංග භූමියේ රඟපා අැත්තේ ඔහු නොව පොලිසියයි. අන් කවරදාටත් වඩා මෙවර රංගනය ගැන විවේචන ද එල්ල වී ඇත. විනය තිබිය යුතුම ආයතනය අනාගත් හැටි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 162 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 650 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site