(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"ෆේස්බුක් එකේ" ගිය "පෝස්ට් එකක්" ශෙයා කිරීම නිසා මාධ්‍යවේදීන් දෙදෙනෙකු රහස් පොලිසියට කැඳවා ඇතැයි ද ආණ්ඩුව දිගටම මේ ආකාරයට කටයුතු කළොත් තවත්  අරගලයක් අත ළඟ බව ද සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රි මයන්ත දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩුවරගෙදර යන දෙදෙනා මෙලෙස රහස් පොලිසියට කැඳවා තිබෙන බවකි බව කී මයන්ත දිසානායක මහතා ඉහළින් එන නියෝග කියා ඔවුන් නිතරම අත්අඩංගුවට ගන්නා බව පැවසීය.

ලෝකයේ අරගල ඇතිවුනේ තරුණයන් පාරට බැස අරගල කළ නිසා බවද මේ ආකාරයට ජනමාධ්‍යයට හිරිහැර කිරීම නතර කරන්නැයි ද දිසානායක  මහතා ඉල්ලා සිටියේය.
මීට පිළිතුරු දෙමින් සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූයේ  අදාල කාරණය සඳහා  විෂයබාර ඇමැතිවරයාගේ අවධානය යොමු කරන්න බවයි.