
(ෂේන් සෙනෙවිරත්න)
මධ්‍යම පළාතේ මේ දිනවල පවත්වනු ලබන පාසල් දෙවන වාරයේ වාර විභාගය සඳහා සිංහල මාධ්‍ය සිසු සිසුවියන්ගේ 08 හා 09 පන්තිවලට බෙදා ඇති දෙමළ විෂය ප්‍රශ්න පත්‍රය එකම ප්‍රශ්න පත්‍රයක් වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .
අද පැවැති වාර විභාගයේදී අටවැනි ශ්‍රේණියට සැකසූ දෙමළ විෂයේ ප්‍රශ්න පත්‍රයට නමය වසර වශයෙන් මුද්‍රණය කොට එකම අන්තර්ගතය ඇතුළත් ප්‍රශ්න පත්‍රයක් නමය වසරේ සිසු සිසුවියන්ටද ලබාදී තිබෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ අදාළ ප්‍රශ්න පත්‍රය 08 වැනි ශ්‍රේණියට අදාල එකක් බවත් කිසියම් අතපසුවීමකින් 09 වැනි ශ්‍රේණියේ සිසුන්ටද එම ප්‍රශ්න පත්‍රයම ලබා දී ඇති බව ද පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන බව පැවසූ අධ්‍යක්ෂකවරයා 09 වැනි ශ්‍රේණියේ සිසුන්ට අදාල දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය යළි ලබාදීමට කටයුතු කරන බවද පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්කෝලෙක වාර විභාගෙකදි ප්‍රශ්න පත්‍ර වල මුද්‍රණ දෝෂ, මාරු වෙන ඒවා වෙන එක වැරදියි තමයි. ඒත් මේවා ඉස්සරත් කාලෙක පටන් වුනා. එකම දේ ඉස්කෝලෙන් ප්‍රශ්න පත්‍රය හදලා තිබ්බම මේ වැරදි මාධ්‍යට එන්නේ නෑ.
සමහර ගුරුවරු හරක් බලා ගන්නවත් සුදුසු නැහැ.