(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල දේවහුව එකේ ඇළ නිවසක කපා කොටා ඝාතනය කළැයි සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියකු වන ගාමිණී සුරවීර (53) සහ ඔහුගේ බිරිඳ කෘෂි ආශ්‍රිත නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කොට මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමිකරගත් අනුලා සුරවීර (51) යන අය බව හඳුනාගෙන තිබේ.
දරුවන් දෙදෙනකුගේ මවක සහ පියෙකු වන මෙම දෙදෙනා නිවසේ සිටියදී කිසියම් පිරිසක් පැමිණ තියුණු ආයුධ වලින් ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබෙන බව පොලීසිය කියයි.
මෙම දෙදෙනාගේ පුතුන් දෙදෙනා නිවසේ සිට ගලේවෙල නගරයට පිටත්ව ගිය අවස්ථාවේ රාත්‍රී 8 ට පමණ මෙය සිදුව තිබේ .දරුවන් නැවත නිවසට පැමිණෙන විට නිවෙස ඉදිරිපිට සිය මව සහ පියා ඝාතනය කර තිබුණු බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම දෙදෙනා නිවස ඉදිරිපිට ආහාර ගනිමින් සිටියදී ප්‍රහාරයට ලක්වී ඇතැයි සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු... ගම රටට වැඩක් කරන මෙවැනි වයසක උත්තමයන් මරල උබලට හරි යනවද බං ?
සිංහල අවුරුදු සමරන සිංහල බෞද්ධ ජනතාව .ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි .
කනගාටු දායකයි. කොතරම් දේවල් ලැබුණත්, තිබුණත් වනචාරි මිනිසුන්ට එම ගති ගුණ මතු වී ඒම නැවතිය නොහැක.
මහ ජනතාව රාජ්‍ය පාලකයින්ගේ ක්‍රියාකාරකම් වලට අනුගත වීම පුදුමයට කරුණක් නොවේ.
මිලානෝ ගිහිල්ලත් අපේ උන් මරාගන්නවා......
සිංහල අවුරුද්දේ අපරාද වැඩි කාලයක් වෙන්නේ අය...... තනිකරම අවිදිමත් සදාචාරයක් නැති අධ්‍යාපනයේ ප්‍රතිඵල . පුළුවන්තරම් බීගන්නවා පස්සේ මරාගන්නවා...... සංස්කෘතිය ගැන ලැජ්ජයි ...
අද මිනි මරන්නේක සර්ව සාධාරණ වෙලා. මිනි මරුවෝ පහසුවෙන් ඇප පිට එලියට එනවා. එකට ගැලපෙන නීතිඥයොත් මේ රටේ ඉන්නවා. මත්කුඩුවලට පමණක් නොවේ, මෙවැනි අපරාධවලටත් මරණ දඬුවම් දියයුතුයි.
ආගම හරියට පිලි නොගන්නා අය සත්තුන්ට වඩා අන්තයි......
පෙරේතයින්ට අසුචි හම්බුණා වගේ තමයි ඉතින් පිටිගල ලට මේ වගේ දේවල්.
උතුරු මැද පළාතේ ගම්මාන අද වෙන්නප්පුව ආශ්‍රිත ප්‍රදේශ වලටත් වඩා අපරාධ සහ මිනීමැරුම් වලින් බහුල බවක් පෙන්නුම් කරනවා.
ගහ මරාගන්න ඒවාට, පව් කාරයින්ට දවසක්, වෙලාවක්, ජාතියක්, ආගමක් නොමැත
මෙවැනි අපරාධ රටේ දැක දැකත් සමහරු තවමත් රටට මරණ දඬුවම ගෙනෙනවට විරුද්ධයි.
මෙහෙමත් අය වෙසෙන රටක් කවදාවත් දියුණු වන්නේ නැහැ.
මේක දකුණු රටේ වුණා නං මේ වගේ දෙතුන්ගුණයක් අදහස් දක්වලා