IMG-LOGO

මධ්‍යම පළාතේ දිරිය කතත් සැමියාත් ඝාතනය කෙරේ

(කාංචන කුමාර ආරියදාස)‍

ගලේවෙල දේවහුව එකේ ඇළ  නිවසක  කපා කොටා ඝාතනය කළැයි සැකකරන අඹු-සැමි යුවළගේ මළ සිරුරු දෙකක් සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ මියගොස්  ඇත්තේ  කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියකු වන ගාමිණී සුරවීර (53) සහ ඔහුගේ බිරිඳ කෘෂි ආශ්‍රිත නිෂ්පාදන රැසක්  නිෂ්පාදනය කොට  මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමිකරගත් අනුලා සුරවීර (51) යන අය බව හඳුනාගෙන තිබේ.

දරුවන් දෙදෙනකුගේ මවක සහ පියෙකු වන මෙම දෙදෙනා නිවසේ සිටියදී කිසියම් පිරිසක් පැමිණ තියුණු ආයුධ වලින් ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබෙන බව පොලීසිය කියයි.

මෙම දෙදෙනාගේ පුතුන් දෙදෙනා නිවසේ සිට ගලේවෙල නගරයට  පිටත්ව ගිය අවස්ථාවේ රාත්‍රී 8 ට පමණ මෙය සිදුව තිබේ .දරුවන්  නැවත නිවසට පැමිණෙන විට නිවෙස ඉදිරිපිට සිය මව සහ පියා ඝාතනය කර තිබුණු බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම දෙදෙනා නිවස ඉදිරිපිට ආහාර ගනිමින් සිටියදී ප්‍රහාරයට ලක්වී ඇතැයි සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (16)

මධ්‍යම පළාතේ දිරිය කතත් සැමියාත් ඝාතනය කෙරේ

අස්ලම් Tuesday, 16 April 2019 06:40 AM

අනේ මෙහෙමත් මිනිස්සු... ගම රටට වැඩක් කරන මෙවැනි වයසක උත්තමයන් මරල උබලට හරි යනවද බං ?

:       3       247

ජයන්ත මිලානෝ Tuesday, 16 April 2019 06:41 AM

සිංහල අවුරුදු සමරන සිංහල බෞද්ධ ජනතාව .ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි .

:       51       252

ලුම්බිණි Tuesday, 16 April 2019 06:46 AM

කනගාටු දායකයි. කොතරම් දේවල් ලැබුණත්, තිබුණත් වනචාරි මිනිසුන්ට එම ගති ගුණ මතු වී ඒම නැවතිය නොහැක.

:       1       209

Perakum Tuesday, 16 April 2019 06:54 AM

මහ ජනතාව රාජ්‍ය පාලකයින්ගේ ක්‍රියාකාරකම් වලට අනුගත වීම පුදුමයට කරුණක් නොවේ.

:       248       73

lakshman Tuesday, 16 April 2019 07:06 AM

මිලානෝ ගිහිල්ලත් අපේ උන් මරාගන්නවා......

:       114       99

casmir Tuesday, 16 April 2019 07:47 AM

සිංහල අවුරුද්දේ අපරාද වැඩි කාලයක් වෙන්නේ අය...... තනිකරම අවිදිමත් සදාචාරයක් නැති අධ්‍යාපනයේ ප්‍රතිඵල . පුළුවන්තරම් බීගන්නවා පස්සේ මරාගන්නවා...... සංස්කෘතිය ගැන ලැජ්ජයි ...

:       36       61

Hafeel Tuesday, 16 April 2019 07:52 AM

අද මිනි මරන්නේක සර්ව සාධාරණ වෙලා. මිනි මරුවෝ පහසුවෙන් ඇප පිට එලියට එනවා. එකට ගැලපෙන නීතිඥයොත් මේ රටේ ඉන්නවා. මත්කුඩුවලට පමණක් නොවේ, මෙවැනි අපරාධවලටත් මරණ දඬුවම් දියයුතුයි.

:       184       219

NuwanThursday, 18 April 2019 10:26 AM

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් මේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ.හොදම උදාහරණෙ අරාබි රටවල කොච්චර මරණ දඩුවම දුන්නත් අපරාද අඩු වෙන්නේ නැති එක.බෙලි අතපය කපල දඩුවම් දෙන එක ගෝත්‍රික ජන සමාජ වල ලක්ෂණ.මේවට වෙන්න ඕනේ සමාජ ආකල්ප,ආර්ථික යන දේවල හොද තලයකට ගෙන එන්න දීර්ඝ කාලින වැඩසටහන් ක්‍රියාත්මක කරන එක.

:       0       12

rihan Tuesday, 16 April 2019 08:08 AM

ආගම හරියට පිලි නොගන්නා අය සත්තුන්ට වඩා අන්තයි......

:       0       32

SamTuesday, 16 April 2019 08:35 AM

හරියට හරි, ඇෆ්ගනිස්තානයේ , පාකිස්තානයේ වගේ

:       14       89

Kalana Tuesday, 16 April 2019 08:57 AM

පෙරේතයින්ට අසුචි හම්බුණා වගේ තමයි ඉතින් පිටිගල ලට මේ වගේ දේවල්.

:       116       95

පිටිගල මිලානෝ Tuesday, 16 April 2019 09:36 AM

උතුරු මැද පළාතේ ගම්මාන අද වෙන්නප්පුව ආශ්‍රිත ප්‍රදේශ වලටත් වඩා අපරාධ සහ මිනීමැරුම් වලින් බහුල බවක් පෙන්නුම් කරනවා.

:       152       41

Gayan Tuesday, 16 April 2019 09:45 AM

ගහ මරාගන්න ඒවාට, පව් කාරයින්ට දවසක්, වෙලාවක්, ජාතියක්, ආගමක් නොමැත

:       0       2

nandana Tuesday, 16 April 2019 10:08 AM

මෙවැනි අපරාධ රටේ දැක දැකත් සමහරු තවමත් රටට මරණ දඬුවම ගෙනෙනවට විරුද්ධයි.

:       1       15

dias Tuesday, 16 April 2019 10:33 AM

මෙහෙමත් අය වෙසෙන රටක් කවදාවත් දියුණු වන්නේ නැහැ.

:       0       202

geeth Wednesday, 17 April 2019 05:54 AM

මේක දකුණු රටේ වුණා නං මේ වගේ දෙතුන්ගුණයක් අදහස් දක්වලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 49 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 228 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site