මාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට සැලසුම් කර ඇති පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට කිසිසේත් ඉඩ ලබානොදන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අනුර කුමාර දිසානායක මහතා මෙසේ කියා සිටියේ ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සමුළුව අමතමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ජාතික ආරක්ෂාව ලේබලයට මුවා වී රටේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය නැති කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු ජන මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් එම ආයතනවලට අගතියක් සිදු වන බව පවසා එම මාධ්‍ය ආයතනවලට ලබා දී ඇති බලපත්‍ර අහෝසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
මේ රටේ මැතිවරණ කල් දමමින් මාධ්‍ය මර්දනය කර ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ ජනාධිපතිවරණයට සූදානම් වීමට බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම ආසන සමුළුවට එම පක්ෂයේ මන්ත්‍රීනි හරිනි අමරසූරිය, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ එහෙමද එතකොට උඹලා 1989 කාලේ මට්ටුකලේ කාවද? මාධ්‍ය නොවෙයි බන් ඒකාලේ අපිට වත් කථා කොරන්න ඉඩ තිබුණාද? උඹලාගේ පල් හෑලි ප්‍රචාරය කරන ඊනියා මාධ්‍ය, ෆේස්බුක් පාලනය කලයුතුයි. උඹලා ... ය හංගාගෙන...දෙකින් කෙලින්න හදනවා. උඹලා හොරු අල්ලන්න බහුබූත කතා අපිට එපා. කියපන් උඹලා ගේ පාලනය කොමිනිස්ද? ප්‍රජාතන්ත්‍ර වාදීද?
අපිට මතක් වෙනවා ප්‍රේමකීර්ති ද අල්විස්
බොහෝ කාලයක ඉදල රටේ දුෂණ මර්දනය කරපු හින්ද තමයි රට මෙහෙමවත් ඉතුරු වුනේ . දුෂණ හොයන්නේ අවුරුදු 20 ක් විතර පහු වුනාම . මාධ්‍ය මට්ටුකරන එක නවත්තන්න තිබ්බෙත් බොහෝ පුරාන කාලයකට ඉස්සෙල්ල . දැන් ජනතාවට කිසිම පලක් නැහැ , මොකද බංකොලොත් .
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ශක ජෙනරාල් ඉල්ලා අස්වී තියෙනවා. ඒක හොයා බලන්න ඊට කලින්.
මේ පනතේ ඇති වැරදි අඩුපාඩු සකස් කර ගැනීමට කටයුතු කිරීම වැදගත්.ඒත්,සමාජ ජාල වල සමහර අයට ව්‍යාජ ගිණුම් සිය ගණනක් පමණ තිබෙනවා.මෙය බොහෝ ක්ෂේත්‍ර වලට පොදු දෙයක්.මේ ව්‍යාජ ගිණුම් වලින් කෙරෙන්නේ අවිධිමත් සන්නිවේදනය බව ඉහළට සන්නිවේදනය හැදෑරූ සහ හදාරන බුද්ධිමතුන් දන්නා කරුණක්.සමාජ ජාල දියුණු රටවල් විශිෂ්ඨ අයුරින් යොදාගෙන මහඟු ප්‍රතිඵල ලබනවා.ව්‍යාජ ගිණුම් වලින් කෙරෙන්නේ කැලෑ පත්තර වැනි අපහාස කිරීම්.බොහෝ ඒවායෙන් ජන විඥානය විනාශ කරනු ලබන බව පෙනේ .එබැවින්, මේසා විශාල සන්නිවේදන තාක්ෂණයක් යොදා ගැනීමේදී ඊට නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුව පවතී.දේශපාලකයන්ගේ හොර මැර වංචා පෙන්වාදීම ඉතා හොඳ වැඩක්.ඒත් එය සිදුකිරීමේදී නිසි අයුරින් ක්‍රියා කළ යුතුයි.බොහෝ දේශපාලකයන් පඩි නඩි ගෙවා ව්‍යාජ ගිණුම් වලින් තමන්ව පුම්බා ගැනීම සිදුවෙන බව පෙනේ.ඇතැමුන් තමන්ගේ වැරදි වසා හොඳ පමණක් පෙන්වා ජනතාව වෙත වැරදි තොරතුරු ලබාදී ඔවුන් රැවටීමකට ලක්කරයි.මාධ්‍ය නිදහසක් රටක තිබිය යුතුයි.ඒත්,බොරුව වංචාව වපුරන වල්බූරු මාධ්‍ය නිදහසක් රටකට අවශ්‍ය නොවේ.රට බංකොලොත් කළ දූෂිතයින්ගේ හොරකම් හා අයුතු වත්කම් ආදී දේ හෙළි කිරීමට හැකිවිය යුතුය.
මාධ්‍යට බොරු කියන්න ඉඩ දෙන්නේ නෑ කියන්න