(අංජුල මහික වීරරත්න)

මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු දස දෙනෙක් ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වැනි සංවත්සරයේ දී ඩී.එෆ් කාරියකරවන අනුස්මරණ ජනමාධ්‍ය උපහාර සම්මාන ලබති.

උපහාර සම්මාන ලබන්නේ කරුණාරත්න අමරසිංහ, ඇස්.කනේෂන්, ටියුලින් ජයරත්න,ශාන් වික්‍රමසිංහ, ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන්, පුෂ්පා රොවෙල්,මොහොමඩ් තාජුඩීන්,ලැම්බට් පෙම්මාවඩු,කමල් ලියනාරච්චි, සහ පුෂ්පකුමාර මහත්ම මහත්මීහු ය.

මෙරට පැරණිතම ජනමාධ්‍ය සංගමය වන ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වන සංවත්සරය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී  හෙට (1) පස්වරු 3 ට පැවැත්වේ.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සිසිර විජේසිංහ සුබසාධන අරමුදල සහ ආචාර්ය අන්ද්‍ර ධනපාල ලේඛකත්ව ප්‍රවර්ධන අරමුදල ප්‍රතිෂ්ඨාපනය කිරීම ද මෙහිදී සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද දෙස් විදෙස් ආරාධිතයෝද මෙම අවස්ථාවට සහභාගී වෙති.