(ඉන්දිකා  රාමනායක)

ත්‍රස්තවාදය  වැලැක්වීමේ පනත යටතේ  දින 167  ක කාලයක් අත්අඩංගුවට   රඳවා තබා ගැනීම සහ මේ සදහා පොලිස් නිළධාරීන් කළ මැදිහත්වීම් වලට එරෙහිව අන්තර් විශ්ව විද්යාදල ශිෂ්යා බල බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව  සිරිධම්ම  හිමියන් අද (7) දහවල්   පොලිස්   මූලස්ථානයේ දී පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ

පොලිස් නිලධාරීන් සිදුකරන ලද මරණීය තර්ජනය කිරීම්, අත්අඩංගුවට ගෙන  අනීතික ව විවිධ ස්ථානයන් වෙත රැගෙන යාම,, රඳවා තබා ගැනීම්ල සම්බන්ධයෙන්   ත්‍ර ස්තවාදී විමර්ශන කොට්ඨාශය අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී  ප්‍රසන්න අල්විස්,  පෑලියගොඩ සහකාර පොලිස් අධිකාරි මහින්ද   විල්ලොරාච්චි  ත්‍රස්ත මර්දන  කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරී රත්නායක , සහකාර පොලිස් අධිකාරි   අජන්ත‍ යන පොලිස් නිලධාරීන්ට එරෙහිව  මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

වසන්ත  මුදලිගේ  සහ සිරිධම්ම හිමියන්  අන්තරේ නියෝජිතයින් පිරිසක් සමඟ අද (7) දහවල් මෙම පැමිණිල්ල පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් කළ අතරල  මේ හේතුවෙන් පොලිස් මූලස්ථානය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වී තිබුණි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසන්ත මුදලිගේ එහි සිටි මාධ්‍ය අමතමින් මෙසේ පැවසීය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ   පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 167 ක කාලයක් තිස්සේ අත්අඩංගුවට ගත් මොහොතේ සිටම නිදහස් කරන මොහොත දක්වාම  ආණ්ඩුව සහ පොලිසිය මර්දනය  සහ විවිධ මැදහත් වීම් සිදුකළ බවයි.

ප්‍රශ්න කරන්න යැයි පවසා  අදාලම  නැති  පාළු ප්‍රෙද්ශවල සහ  නවගමුව දේවාලය  අසල  ගග අයිනේ   පාළු තැන්වලට රැගෙන ගොස්  මරණීය තර්ජනය කළ විවිධ අඩත්තේට්ටම් සිදු කළ බවද ඔහු කීය.