(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටට ආදායම් උත්පාදනය කෙරෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව නියාමනය කිරීමේ මුදල් අමාත්‍යාංශ වැඩපිළිවෙල ඉතා දුර්වල බව ආර්ථික බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
මුදල් අමාත්‍යාංශය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පහළ මට්ටමේ මෙහෙයුම් කටයුතුවල නිරත නිලධාරීන් වසරකින් හමුවී සාකච්ඡා පවත්වා නැතැයි එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
මේ හේතුවෙන් එම ආයතනවල කාර්ය සාධනය පහළ ගොස් ඇති බව ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කළේය.
මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු නවීකරණය කිරීම සඳහා විශේෂ කමිටුවක් කාරක සභාව විසින් පසුගියදා පත් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ශුවර් එකටම මුදල් ඇමැති දුර්වලයෙක් වෙන්න ඇති...
ලොක්කට දොස් කිව්වාට සුරාබදු ආදායම වැඩිවෙන්නේ නැහැ. මත්පැන් මිල අඩු කරනවා. එතකොට අපි ඔහේලගේ එතනෝල් බොන්නම්. නැතිනම් අපි ගෙදර පෙරා ගන්නම්.