
(රංජන් කස්තුරි)
පාසලට සිසුන් අතුළත් කිරීමේදී රුපියල් ලක්ෂ 76ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇතැයි කියන කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු එම පාසලෙන් ඉවත් කර කොළඹ අධ්‍යාපන කලාපයේම අතිරේක අධ්‍යක්ෂවරයකු ලෙස අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ.
එම විදුහල්පතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන අතරේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කළ බව ද පසුව ඔහු කොළඹ අධ්‍යාපන කලාපයට මුදාහැර ඇති බව ද අධ්‍යාපන අමාතයංශ ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුව සේවයෙන් පහකරන්න .මොහුගේ වත්කම් සොයා බලා ඒවා රාජසන්තක කරන්න අනිත් අයට පාඩමක් වෙන විදියේ දඬුවමක් දෙන්න
මරු නීති ලංකාවේ තියෙන්නේ .ලක්ෂ 76 ක් හොරකම් කරපු එකාට ස්ථාන මාරු.බඩගින්නට අඹ ගෙඩි 5 ක් කදාගත්ත එකාට හිරගෙදර .දූෂිත නිලධාරීන් දේශපාලුවෝ ඉන්නකම් ලංකාව හදාගන්නවා බොරු .
ඇත්තටම අමාත්‍යාංශ නිළධාරින් ආයතන සංග්‍රහය කියන්නෙ කුමක්ද කියලවත් නොදන්නවාද කියලා තමයි අහන්න තියෙන්නෙ .ඒ සමගම අල්ලස් හෝ දූෂණ සොයන කොමිසම මොනවාද කරන්නෙ කියලා අහන්න වෙනවා
හොර කමට දඬුවම මාරුවද? මොකද වැඩ තහනම් කරන්නේ නැත්තේ? කොළඹ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයකු නිසාද?
මෙ වැනි අක්‍රමිකතා ඉහ වහා ගොස් ඇත. මහජන සේවා ඉෂ්ට කරන තැන් වලින් වැඩක් කර ගැනීමට යම් පුද්ගලික සැලකීමක් කලයුතු තත්ත්වයට අප පත් වුයේ ඇයි ? මේවා නිදොස් වන්නේ කවදාද ? සැමදා සැමතැනම බන භාවනා වන්දනා මාන සිදු කෙරෙන අපගේ විනයට කුමක් වුවාද ? ධාතු ප්‍රදර්ශනයක් වැනි දේ කදී පවා පෝලිම් පැනීමට තරම් පුද්ගලිකත්වය ඉහ වහා ගිහින් නේද?
කොළඹ මුස්ලිම් විදුහලකට ළමයි දාන්න දෙමව්පියන්ගෙන් මුදල් මංකොල්ල කනවා. ඒ ගැනත් සොයා බලන්න.