IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මුදල් කොල්ල කන්න පවුලක්ම මරලා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

බාප්පා,පුංචි සහ සහෝදරයා මරා මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි.

අද අලුයම හතරට පමණ මාලදෙනිය ප්‍රදේශයේ නිවසකදී මෙම අමානුෂික ඝාතනය සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කළ පොලිසිය ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ තිබී හමුවී ඇත.

ඒ සම්බන්දයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ලිපියන් සම්බන්දයෙන් පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව ද පොලිසිය සඳහන් කරයි.

 

 



අදහස් (9)

මුදල් කොල්ල කන්න පවුලක්ම මරලා

janahitha Sunday, 19 May 2024 09:06 AM

මුළු මහත් ජනතාවම ඝාතනය කල පවුලක් සඳහන් /එම අය අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි ?

:       12       25

fairoos Sunday, 19 May 2024 11:30 AM

තිරිසන්නු

:       0       30

Tharindu Sunday, 19 May 2024 06:49 PM

Fairoos තිරිසන් සතුන් කවදාවත් මෙහෙම කරන්නේ නං නැති බව මට විශ්වාසයි...

:       0       8

KASUN Sunday, 19 May 2024 01:19 PM

ලංකාවේ අය එන්න එන්නම තිරිසන් අසමත් ජාතියක් වීගෙන එන්නේ. පේනවනේ සාමාන්‍ය දේවල් වෙනුවෙන් මිනීමරන හැටි... මේ විදිහටම කැනඩාවේත් පවුලක්ම මැරුවේ ලංකාවේ එකෙක් නේ. හැමදාම ස්ත්‍රී දුෂණ, ළමා දූෂණ, අර ලේ, මේ ලේ, බලු ලේ, සිංහ ලේ කියලා මිනිස්සු මිනිසාවම තිරිසන් කරගෙන... ඔක්කෝටම කලින් මිනිස්සු වෙයල්ලා. අනුකම්පා, කරුණාව පෙන්නපල්ලා.

:       1       20

Prabha Sunday, 19 May 2024 01:39 PM

හන්දියක් ගානේ පල්ලි පන්සල් හැදුවට වැඩක් නෑ මිනිස්සුන්ගේ ආකල්ප කරන්න බැරිනම්

:       0       22

ගමේ එකාලා Sunday, 19 May 2024 03:41 PM

කිසිම හිතක් පපුවක් නැති කාලකන්නි පව්කාරයෙක් ගේ වැඩක්...!

:       0       10

රනේ Sunday, 19 May 2024 06:01 PM

NPP රජයකින්වත් මිනිස්සුන්ට ගුණධර්ම පිරි සාරවත් සමාජයක් ආදර්ශයෙන් ලැබේවා...!

:       9       14

Tharindu Sunday, 19 May 2024 06:52 PM

NPP එක JVP එක කලා මෙන් නොකෙරේවා..!

:       4       10

Tikiri Sunday, 19 May 2024 07:56 PM

1988-89 කාලයේ මිනිසුන්ට ගුණධර්ම පිරි සාරවත් සමාජයක් ක්‍රියාත්මක කරන ආකාරය ක්‍රියාවෙන්ම රටට පෙන්නුවා. එම ගුණධර්ම ගැන අපි අපේම දෑසින් දැකලා මානසිකව දැඩිසේ පීඩාවට පත්වෙලා... තවමත් චිත්ත වේදනාවෙන් තමයි ඉන්නේ... ඊර්ෂ්‍යාව ක්‍රෝධය හා වෛරයෙන් පිරුණු අයට නම් ඒවා මහ ඉහළින් අගය කරන්න පුළුවන් වේවි.. රනේ ඔයා හිතන්න ගෙදර නැති වේලාවට අලුගෝසු පිරිසක් ඇවිල්ලා අයියා නැත්නම් මල්ලි අරගෙන ගිහිල්ලා ආපසු එන පාරෙ මරලා දාලා තිබුණොත් ඔයාට සැනසුමේ ඉන්න පුළුවන්ද? ඔයාට මල්ලී හෝ අයියාගේ දේපළ ලැබෙන නිසා ජෙප්පන් ළඟ තියෙන ඊර්ෂ්‍යාව මත ජේවීපී මත පිළිගන්නා ඔබට සතුටක් ගන්න පුළුවන් වේවි.. ඒත් ජෙප්පන් නොපිළිගන්නා අපිට දේපළවලට වඩා සහෝදර කැක්කුම වැඩියි බං...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 715 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17942 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site