IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති ධූරයට අද (7) පත් කරනු ලැබීය.

හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි ඒ  කමිටුවට  යෝජනා කරනු ලැබූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව එම යෝජනාවට  කාරක සභාවට  සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළවිය.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ  රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  සභාපති ධූරය  මාස 5 කට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණ.

මෙතෙක් එම කමිටුවේ  වැඩ කටයුතු මෙහෙයවනු ලැබුවේ කමිටුව තෝරා පත්කරගත්  තාවකාලික සභාපතිවරුන් විසිනි.

එම සභාපති  ධූරය හර්ෂ ද සිල්වා  මහතාට ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු  කතානායකවරයාගෙන් පසුගිය කාලයේදී දිගින්  දිගටම ඉල්ලා සිටියත් ඔහුට  එය  හිමිවූයේ නැත.

හර්ෂ ද සිල්වා මහතා නව වැනි  පාර්ලිමේන්තුවේ  තෙවැනි සභාවාරයේ  රාජ්‍ය මුදල්  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය     හෙබවීය.

පාර්ලිමේන්තුවේ ඉතා වැදගත්ම කාරක සභාවක් ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ  කාරක සභාව සැලකේ. මූල්‍ය පාලන බලතල අධීක්ෂණය කිරීමේ කටයුතු එම කාරක සභාවට පැවැරී ඇත.



අදහස් (4)

මුදල් කාරක සභාවේ සභාපති ධූරය හර්ෂට

Alex Hapuhinna Wednesday, 07 June 2023 02:02 PM

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය මාස 5කට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණි?

:       0       3

fairoos Wednesday, 07 June 2023 02:21 PM

වැඩක් නැහැ... කාටවත් දඬුවම් ලැබෙන්නේ නැහැ.

:       6       1

දිසා... Wednesday, 07 June 2023 02:36 PM

මෙය හොඳ තත්ත්වයක්. හර්ෂ සිල්වා මහතා යමක් කළ හැකි දේශපාලනඥයෙක් ලෙස හඳුනාගෙන සිටිමි.

:       2       19

දිසා... Wednesday, 07 June 2023 05:48 PM

මෙම කමිටුව මගින් දූෂිත සහ රජයට පාඩුකොට ඇති බවට හඳුනාගැනෙන නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි ක්‍රමවේදයක් මෙන්ම පාඩු පියවා ගැනීමට යම් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි. නොමැතිව දූෂණ සහ සිදුකරන ලද පාඩු සම්බන්ධයෙන් රටේ ජනතාවට පෙන්වා දීමේ ඵලක් තිබේද? නැත්නම් මෙම කමිටුව රැස්වීමේදී ලබාදෙන තේ කෝප්පයටත් වැයකරන මුදල ජනතාවට තවත් පාඩුවකි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 542 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site