(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට අද (7) පත් කරනු ලැබීය.
හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි ඒ කමිටුවට යෝජනා කරනු ලැබූවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.
ඒ අනුව එම යෝජනාවට කාරක සභාවට සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළවිය.
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය මාස 5 කට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණ.
මෙතෙක් එම කමිටුවේ වැඩ කටයුතු මෙහෙයවනු ලැබුවේ කමිටුව තෝරා පත්කරගත් තාවකාලික සභාපතිවරුන් විසිනි.
එම සභාපති ධූරය හර්ෂ ද සිල්වා මහතාට ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් පසුගිය කාලයේදී දිගින් දිගටම ඉල්ලා සිටියත් ඔහුට එය හිමිවූයේ නැත.
හර්ෂ ද සිල්වා මහතා නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හෙබවීය.
පාර්ලිමේන්තුවේ ඉතා වැදගත්ම කාරක සභාවක් ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සැලකේ. මූල්‍ය පාලන බලතල අධීක්ෂණය කිරීමේ කටයුතු එම කාරක සභාවට පැවැරී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය මාස 5කට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණි?
වැඩක් නැහැ... කාටවත් දඬුවම් ලැබෙන්නේ නැහැ.
මෙය හොඳ තත්ත්වයක්. හර්ෂ සිල්වා මහතා යමක් කළ හැකි දේශපාලනඥයෙක් ලෙස හඳුනාගෙන සිටිමි.
මෙම කමිටුව මගින් දූෂිත සහ රජයට පාඩුකොට ඇති බවට හඳුනාගැනෙන නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි ක්‍රමවේදයක් මෙන්ම පාඩු පියවා ගැනීමට යම් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි. නොමැතිව දූෂණ සහ සිදුකරන ලද පාඩු සම්බන්ධයෙන් රටේ ජනතාවට පෙන්වා දීමේ ඵලක් තිබේද? නැත්නම් මෙම කමිටුව රැස්වීමේදී ලබාදෙන තේ කෝප්පයටත් වැයකරන මුදල ජනතාවට තවත් පාඩුවකි.