(අංජුල මහික වීරරත්න)
භාණ්ඩාගාර කොල්ලය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව මගින්‘ආත්මයක් නොමැති පරිගණක යන්ත්‍ර මත’ වරද පැටවීමේ අසාර්ථක උත්සාහයක නිතරව ඇතැයි
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මහ බැංකුවටත් - භාණ්ඩාගාරයටත් සිය වැරදි වසා ගැනීමට මාසයක කාලයක් ලබා දෙමින්, පහලම මට්ටමේ නිලධාරීන්ට වරද පැටවීමට උත්සාහ කර ඇතැයිද එම නිවේදනයේ දැක්වේ.
එම වාර්තාව පුරා ‘හුදු කරුණු වාර්තා කිරීමක් පමණක්’ (ONLY facts report) දැකිය හැකි අතර, මුදල් කමිටුව සිය ව්‍යවස්ථාපති වගකීම හැල්ලු කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන්ය.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
නීතිඥ අතුල ද සිල්වා සහරජිත් කීර්ති තෙන්නකෝන් මහත්වරුන් විසින් නිකුත් කර තිබෙන එම නිවේදනයේ මෙසේද සඳහන්ය.
පිටු 8 ක වාර්තාව මගින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ මුදල් කමිටුවට පැවරී ඇති බලය හා වගකීම අනුව කිසිදු සාධනීය නිරීක්ෂණයක්, යෝජනාවක් හෝ ඉදිරි ක්‍රියාමාර්ගයක් යෝජනා කර නැත. සිය වගකීම වූ, ලංකා ඉතිහාසයේ පලමුවරට සිදු වූ භාණ්ඩාගාර මංකෝල්ලය සිදුවූයේ කෙසේ ද? එය වලක්වා ගත හැකිව තිබුණේද? මෙම අපරාධය සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුද? යන්න මුදල් කමිටුව අනාවරණය කළ යුතුව තිබුණි. භාණ්ඩාගාරය විසින් සිය නිදහසට ඉදිරිපත් කරන ලද කරුණුවලින් පිරී ඇති වාර්තාව, මේ මංකොල්ලයෙන් අතපිසදා ගැනීමට අවස්ථාවක් සැබෑ වගකිවයුත්තන්ට සලසාදී ඇත.
මෙම මංකොල්ලය සිදුවන විට, 2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ණය ගෙවීමට අදාළව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට නිල වගකීමක් පැවරී නොතිබූණි. මහ බැංකුව මෙම අපරාධයේ සියළු කටයුතු ආරම්භ කර, ඉදිරියට පවත්වා ගෙන යමින්, භාණ්ඩාගාරයට ණය සම්බන්ධයෙන් වන යෂ්ඨිය බාර දී ඇත.
ලංකා ආණ්ඩුව වෙනුවෙන් අනාදිමත් කාලයක් පුරා, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ ණය දෙපාර්තමේන්තුව ණය ගෙවීම් සිදු කර ඇත. එවැන් වෘත්තීය භාවයක් පළපුරුද්දක් සහිත ආයතනයකට මෙවැනි වරදක් සිදු වූයේ කෙසේ ද යන්නත්, එම වරද තවදුරටත් සඟවාගෙන සිටින්නේ ඇයිද? යන්න වාර්තාවෙන් හෙළි කර නැත. හෙළි කිරීමට උත්සාහයක් හෝ ගෙන නැත. ප්‍රශ්නගත ගෙවීමේ සියළු බැංකු කටයුතු සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවයි.
මහ බැංකුවේ පාලන ආධිකාරිය (Governing Council) මේ ගැන අද වන විට පුරා දින 30 සම්පූර්ණයෙන්ම මුනිවත රකිමින් සිටී. මහ බැංකු ‘පාලන අධිකාරියේ’ කිසිවෙකු තවමත් මේ මංකොල්ලය ගැන දැක නැත. නැතිනම් දැන දැනම මේ වරද සඟවාගෙන සිටී. වගකිව යුත්තන් සොයා ගැනීම අභ්‍යන්තර පරීක්ෂණයක් කර තියෙනවාද? නැතිනම් බාහිර විමර්ශනයක් සිදු කර තිබේ ද? යන්න හෝ ‘පාලන අධිකාරිය’ අනාවරණය කරන්නේ නැත. සිද්ධියේ සියළු වගකීම භාණ්ඩාගාරය වෙත එල්ල වී ඇති බැවින් එහි ආවරණයේ මහ බැංකුවට
මෙම සිද්ධියේ සැබෑ වගකිවයුත්තන් සැඟවීමට හැකියාව ලැබී ඇත. මුදල් කමිටුව සුපුරුදු පරිදි, මහ බැංකුව යනු කිසිදු වරදක් සිදු විය නොහැකි සර්වතෝභද්‍ර ආයතනයක් ලෙස සලකා කටයුතු කරමින් සිටී.
මහ බැංකුව තවදුරටත් ලංකා ආණ්ඩුවට අයත් නොවන ආයතනයක් ද? යන්න ප්‍රතිපත්ති තීරකයින් සිය අවධානයට යොමු කළ යුතුය. මහ බැංකුවේ ‘කිසිවෙකුට වගවීමක් නොමැති ස්වාධීනත්වය’ විනාශයේ මාවත විවර කර ඇත’.
වාර්තාව මගින් තහවුරු වන වැදගත්ම සාධනීය කරුණ නම්, භාණ්ඩාගාරයේ ආයතන අතර සම්බන්ධීකරණයක් තිබී නොමැති බවයි. විදේශ සම්පත් හා ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙන වෙනම පරිගණක පද්ධති දෙකක් (2) පවත්වාගෙන ගොස් ඇති අතර, මහා භාණ්ඩාගාරය වෙනම පරිගණක පද්ධතියක් ලෙස එකිනෙකින් ස්වායක්ත, පරිගණක පද්ධති තුනක් (3) පවත්වාගෙන යයි.
මුදල් කමිටු වාර්තාව පුරා සෑම කොටසකින්ම පැහැදිලිව පෙනී යන්නේ ‘මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලනයේ දුර්වලතාවය’ යි. මුදල් රෙගුලාසි 135 යටතේ මුදල් බලය පැවරීමේ දී, කිසිදු දැනුවත් බවකින් මුදල් ලේකම් හර්ෂණ සුරියප්පෙරුම කටයුතු කර නොමැති බව ඉතා පැහැදිලි ය. මුදල් වගකීම ‘ලබාදීම’ සිදු කරනු ලබන්නේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා වන සුරියප්පෙරුම මහතා ය. මේසා විශාල මුදල් කන්දරාවක තනි වගකීම ‘තනි අධ්‍යක්ෂවරයෙකු වෙත පැවරීම’ කිසි ලෙසකින් හෝ යහපත් පරිපාලන ව්‍යවහාරයක් නොවන්නේය.
මුදල් කමිටු වාර්තා අනුව, අලුතෙන් බිහිකල රාජ්‍ය ණය කලමනාකරණ දෙපාර්තමේන්තුව වෙත නිලධාරීන් බඳවා ගැනීම, පුහුණුව ලබාදීම ගැන උපදෙස් ලබා දී තිබුණි. ඒ පිළිබඳ ‘ගෞරවය ලබාගන්නා මුදල් කමිටුව’ කිසිදු අවස්ථාව මහ බංකුවෙන් හෝ මහා භාණ්ඩාගාරයෙන් ‘ණය කළමනාකරණ ක්‍රමවේදය සිදු කරන ආකාරය’ විමසා නැත. තව ද, මුදල් කමිටුව තම වගකීමක් වූ ‘ක්‍රමවේදයක් (සිස්ටම්) සකස් කිරිමට කිසිදු උපකාරයක් කර නැත. මහා විනාශයක් පසුව ‘කරුණු වාර්තා කිරීමෙන්’ ඔබ්බට ගිය වගකීමක් ඉටු කිරීමට පාර්ලිමේන්තු මුදල් කමිටුවට නොහැකිවී ඇත.
මුදල් කමිටුව සිදු කර ඇති බලවත්ම අගතිය නම් කරුණු වසන් කිරීම සහ එහි ඉහළම නිලධාරීන්ට නිදහසට කරුණු සොයාගැනීමටත් ලේඛන සකස් කර ගැනීමටත් මාසයක කාලයක් ලබාදීමය.
‘මුදල් කමිටුව වෙත පැවරී ඇති ‘මහ බංකුවේ හා භාණ්ඩාගාරයේ ව්‍යවස්ථාපිත වගකීම පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම’ ට අදාල වගකීම මෙම වාර්තාව මගින් ලැජ්ජා සහගත ලෙස පැහැර හැර ඇත. තව ද, ස්ථාවර නියෝග 121 (2) ජී ‘රාජ්‍ය ණය හා ණය සේවා සම්බන්ධයෙන් වන වගකීම මුදල් කමිටුව පැහැර හැර හෝ අඩු ඇගයීමකට ලක් කර ඇත.
රජයේ අවශ්‍යතාව වන සැබෑ අපරාධකරුවන් සැඟවීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව සිය නිල මුද්‍රාව ලබාදී තිබීම පිළිබඳ ‘ෆ්‍රී ලෝයර්ස් සංවිධානය’ දැඩි කණස්සල්ල පල කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කිර්තිට මෛත්‍රිට ඕන දේශපාලන වාසිගන්න. දැන් හර්ෂ ඉස්සීගෙන එද්දී හර්ෂට ගහන්න මුදල් කමිටුවට බනිනවා. කිර්ති මෛත්‍රි unp එක කඩන්න ගේම්ගහපු හැටි අපට අමතක නැහැ. ආයිත් ඒකම අලුත් වටයකින්. මෙයාලාට ඕනි පරණ නායකන්ව තියාගන්න.
මොවුන්ගේ ලොක්කගේ ගජ මිතුරා මහ බැංකුව කඩනකොට මේ අය හිටියේ ලොක්කගේ ඔඩොක්කුවේ නේද?