IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුදල් කමිටු තවත් දෙකක මුල් පුටු විපක්ෂයට

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා  කමිටු මෙන් ප්‍රධාන  මුදල් කමිටු තවත් දෙකක් පිහිටුවීමට සූදානම් වෙයි.

මෙම කමිටු දෙකේ සභාපති ධූර විපක්ෂයට ලබාදීමට ආණ්ඩුවේ ප්‍රධානීන් දැනටමත් එකඟවී ඇතැයි  පාර්ලිමේන්තුවේ ආරංචිමාර්ග වලින් පැවසේ.

රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කිරීම සහ ඒවාට විසඳුම් ඉදිරිපත් කිරීම මෙම කමිටු දෙක පිහිටුවීමේ අරමුණ වේ.

මේ අතර රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති ධූරය සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතාට හිමිවිය. ඒ සඳහා ආණ්ඩුවේ ප්‍රධානින්ගේද  අනුමැතිය  හිමිවූ බව
එම ආරංචි මාර්ග  සඳහන් කළේය.

මුදල් කමිටු වල සභාපති ධූර විපක්ෂයට ලබාදෙන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු පාර්ලිමේන්තුවේදී පසුගිය කාලයේ නොයෙක් වර ඉල්ලීම් කළහ.



අදහස් (4)

මුදල් කමිටු තවත් දෙකක මුල් පුටු විපක්ෂයට

ravin Saturday, 08 October 2022 04:50 PM

කිසිම වැඩකට නැති ඔය කියන කමිටුවල වියහියදමින් අන්ත අසරණ දුගී දුප්පත් පුද්ගලයෝ කී දෙනෙකුට අවුරුදු කීයක් කන්න බොන්න ඉන්ධන දෙන්න පුළුවන්ද කියලත් ගණනය කරන්නකෝ... නොකොරෙන බේතට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව කොච්චර ඕනෑද?

:       9       9

යෝගා Sunday, 09 October 2022 05:59 AM

ලොකු පුටු නැත්තම් කිසිම දෙයකට සහයෝගය දෙන්නෙ නැහැනේ. ඒ නිසා මේ විදියටවත් කරලා බලනවා ඇති.

:       0       0

Sas Saturday, 08 October 2022 10:44 PM

කමිටු පත්කළාට වැඩක් නැහැ. එවාට බලයක් නොමැති නම්...

:       0       0

sena Sunday, 09 October 2022 12:57 PM

වැඩක් නැහැනේ. හොරු අල්ලන කමිටුවෙ යතුර එයාලගේ අතේ තියාගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site