(මුදිතා දයානන්ද)

උත්සව හා රැස්විම් වලට යාමට මුදල් අමාත්‍යවරයා හා එම කාර්ය මණ්ඩලයට ගුවන් ගාස්තු ලෙස 2019 වසරේදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් එනම් 91,01,453ක් වැය කර ඇතැයි මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් 2018 - 20 සඳහා සිදුකළ ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මුදල් අමාත්‍යවැරයාගේ කාර්ය භාරය සළකන විට දුර ගමන් සඳහා දිගු කාල වේලවෙක් ගතවන මහාමාර්ග හරහා ගමන් කිරිම ප්‍රායෝගිකව දුෂ්කර නිසාත් මෙම සංචාරයන් ඉතා හදිසි හා අත්‍යාවංශ්‍ය වීම නිසාත් හෙලිටුවර්ස් පෞද්ගලික සමාගම වෙතින් මෙම සංචාරයන් සඳහා ප්‍රවාහන පහසුකස් සළසා ගත් බව අමාත්‍යංශ නිලධාරින් විගණනයට වාර්තා කර තිබේ.

මෙම වසරේ මුල් කාල වකවානුවේ එනම් නොවැම්බර් දක්වා එක් ආණ්ඩුවක්ද ඉන්පසු වෙනත් ආණ්ඩුවක්ද ක්‍රියාත්මක වු අතර මෙහි සඳහන් වන මුදල් අමාත්‍යවරයා කුමන ආණ්ඩුවක මුදල් ඇමතිවරයාද යන්න සඳහන් ව නැත.