
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවකු දින තුනක් තිස්සේ අතුරුදන් වී ඇති බව මව්පියන් හා ඥාතින් පැමිණිලිකර ඇතැයි මදුරන්කුලිය පොලිසිය කියයි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලයෙ 7 ශ්‍රේණීයේ ඉගෙනුම ලබමින් සිටි ගගන නෙතුසර ප්‍රියනන්දන නැමති 12 හැවිරිදි සිසුවෙකු බව පොලිසිය කියයි.
මෙම දරුවා මදුරන්කුලිය නගරය ආසන්නයේම පදිංචි දරුවකු බවද කියයි.
සිසුවාගේ මව විදේශ ගතවී රැකියාවක නිරත විම හේතුවෙන් ඔහු සිය මිත්තනියගේ නිවසේ රැදි සිට ඇති බව කියයි.
පසුගිය 18 දින මෙම සිසුවා රූපවාහිනියෙ විකාශනය වෙමින් තිබු සංගීතමය වැඩසටහනක් නරඹමින් සිටියදි මිත්තනිය පැමිණ ඇයට උවමනා වැඩසටහනක් දමන ලෙසට සිසුවාට දන්වා ඇතත් ඔහු දිගටම සංගීත වැඩසටහන නැරඹිමත් සමඟ මිතතනියගේ බැනවැදීමෙන් පසු මෙම දරුවා නිවසින් පිටවී ගොස් ඇතැයි එම පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd