(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පිළියන්දල ගොරකපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික මුද්‍රණලයක සේවය කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරුවකු එම ආයතනයේම මුද්‍රණ යන්ත්‍රයකට හිස සිරවී මිය ගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දෙනියාය පල්ලේගම නිස්සංක පාරේ පදිංචි මිලින්ද මදුසංක විජේසිංහ නමැති (27) හැවිරිදි විවාහකයෙකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයකු සමග එම ආයතනයේ මුද්‍රණ යන්ත්‍රයක දෛනික රාජකාරිය භාරව සේවයේ නිරතව සිට තිබේ.

එම අවස්ථාවේදී එහි සිටි අනෙත් පුද්ගලයා එක් වරම යන්ත්‍රයේ ඇති වූ කිසියම් දෝෂයක් පරීක්ෂා කිරීමට මෙන් එම යන්ත්‍රය තුලට හිස යොමනවාත් සමගම යන්ත්‍රයේ අනෙක් පසෙන් සිටි මෙම පුද්ගලයාද යන්ත්‍රය තුළට හිස යොමු කරනු එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබේ.

එසේ හිස යොමනවාත් සමඟම මුද්‍රණ යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී ඔහුගේ හිස යන්ත්‍රයට හසු වී පසුව පසෙකට විසි වී ඇති බව පොලීසිය කියයි.