
(තුසිත කුමාර ද සිල්වා)
මරදාන සිට බෙලිඅත්ත දක්වා ගමන් ගත් දුම්රියේ මගින් සහිත මැදිරිහතරක් අලුත්ගම දුම්රිය ස්ථානයට මීටර් 500ක් පමණ නුදුරින් අද (7) රාත්‍රියේ ගැලවී ඇති අතර එම මැදිරි හතර නොමැතිව එන්ජිම සහිත සෙසු මැදිරි අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා පැමිණි බව අලුත්ගම දුම්රියේ ස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය.
මෙම දුම්රියේ මැදිරි ගැලවී ගොස් ඇත්තේ රාත්‍රී 7.40ට පමණ බවත් පසුව දුම්රිය පසුපසට ධාවනය කර ගැලවුණු මැදිරි හතර සවිකර නැවත අලුත්ගම ස්ථානයට පැමිණි බව දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
එහිදී දුම්රිය පණ ගැන්වීමට යෑමේදී විදුලි පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී ඇති අතර, පසුව රාත්‍රී නමයට පමණ නැවත දුම්රිය යථා තත්ත්වයට පත්කර බෙලිඅත්ත දක්වා ගමන් ආරම්භ කළ බව අලුත්ගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කෝච්චි සේවය මාරයි..එක්කෝ හැමදාම දෙක තුනක් පිලි පැනලා. අද තමා දුම්රිය සේවයේ අලුත්ම රංගනය මගින් වැඩි නිසා ද කොහෙද?
ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ හැමතැනම එක්කෝ පෙට්ටි ගලවලා නැතිනම් පීලි පැනලා, ලංකාව ඉදිරියට යෑමක් නැහැ.