(මහින්ද නිශ්ශංක)
අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක් රුපියල් 5.00 කින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
බනිස්, මාලුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන මිල තමන්ට කැමති මිලකට වැඩි කිරිමට බේකරි හිමියන්ට බලය පැවරූ බව ඔහු කීය. දැනට පාන් ගෙඩියක මිල රුපියල් 60 ත් 65 ත් අතර පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත්...... ප්‍රතිඵලයක්
අපි ජාතියක් හැටියට දැන්වත් ඇමරිකානු පිටි කාලා ලෙඩ වෙන එකයි දරුවන්ව ලෙඩ කරන එකයි නවත්වමුද? පාන් බනිස් පේස්ට්‍රි කියන්නේ අපේ ජාතික ආහාරයද ?
ඡන්දෙ දුන්නු අයට විතරක් වැඩි කරන්න බැරිද?
වැඩි කළා....අඩු කළා....වැඩි කළා.....අඩු කළා......අලුත්ම කෝලම් නාටකය.
ඔහොම යන්.....
ඇත්තටම මේක වැඩිවුනේ ඡන්දෙට ඉස්සෙල්ලා. ඒත් අලුත් ආණ්ඩුවට බෝලේ පාස් කරන්න කපටිකමක් කළා.
ඉතාමත්ම කාලෝචිත ක්‍රියාවක්. ව්‍යාපාරිකයින් උනන්දු කරවීම පිණිස ඔවුන්ගේ ආදායම් තත්වය වැඩි විය යුතුයි. පසුගිය සමය තුළ මේ රටේ සුළු ව්‍යාපාර වල විශාල කඩා වැටීමක් සිදු උනා. පිනට කකා බිබී තෙල දමා සිටින්නවුන්ගේ දැඟලිල්ල අඩු කිරීමට දැන්වත් ක්‍රියා කළ යුතුයි. පෙට්‍රල් මිළ සහ බස් ගාස්තු වලද කිසියම් වැඩිවීමක් කරනවා නම්, නිකරුනේ මහාමාර්ගවල රස්තියාදු වෙන්නන්ගේ ප්‍රමාණයද අවම කළ හැකියි.
පාන් වැඩි උනේ පිටි වැඩි උන නිසා.
තරිදු පෙරේරා, ඇයි ඔයා අවුරුදු 5 ක් මේක කරන්න කියලා කඩේ ගිය අයට කිව්වේ නැත්තේ? ගෝඨාභය ඇවිත් දවස් දෙකක්වත් ගියේ නෑ. දැන් තමා ඇහැරුනේ.
ලොස් ඇන්ජලීස් වගේම මෝඩයෙක්.
සුද්දගේ තිරිඟු පිටි වලින්ම බඩ පුරවා ගන්න බලාගෙන ඉන්නේ නැතිව දේශීය ආහාර සඳහා යොමුවන්න. තිරිඟු පිටි ආනයනය අඩු කර, ශරීර සෞඛ්‍යයට හානි කරන කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පියවරක් ගන්නේ නම් වඩාත් හොඳයි.
මහත්තයෝ, අපි ෙහොඳටම දැනගෙන හිටියා කොච්චර කෑගැහුවත් පහුගිය ආණ්ඩුවෙන් බඩු මිල අඩු කරෙන්නේ නැති බව. ඒ වුනාට ගෝඨාභය මහත්තයා බලයට ආවේ හැමෝටම සහන මල්ලක් ලබාදෙනවා කියලා. ඉතිං එහෙම මනුස්සයෙක්ට මෙහෙම දෙයක් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. දැන් බලනකොට මෙයාගෙ සහන මල්ලට වෙන්නෙත් මෛත්‍රීගේ මල්ලට වෙච්ච දේම තමා. බලමුකො එහෙම නොවී තියාගනීවිද කියලා....
ජයවේවා!