
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයට පහර දීමට ඇමෙරිකානු හමුදාව යොදා ගන්නා භුමිය සහ පහසුකම් මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම ඉරාන හමුදාව පහර දෙනු ඇතිබවත් ඒ හේතුවෙන් ඉරානයට පහරදීම සඳහා ඇමෙරිකානු හමුදාවට සිය සහෝදර රටවල් සහාය ලබා නොදිය යුතු බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද (13) අනතුරු ඇඟ වූවේය.
හතරවන අදියර යටතේ පෙරේදා(12) නැවත වරක් ඇමෙරිකානු හමුදා ඉරානයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරද්දී බහරේන, කුවේට, ජෝර්දාන, ඕමාන සහ කටරයේ පිහිටි ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අද (13) ප්‍රහාර එල්ල කර තිබිණි. ඇමෙරිකාව එල්ල කරන ප්‍රහාර නතර කිරීමෙන් පසුව පමණක් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරනු ඇතැයි ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පැවැසුවේය.
ඉරානයේ ප්‍රහාරයන්ට පිළිතුරු ලෙස නැවත වරක් ඇමෙරිකාව අද (13) ඉරානයේ හමුදා ඉලක්ක වෙත පහරදී තිබූ අතර ඉන් එක් අයෙකු මියගොස් තවත් හත් දෙනෙක් තුවාල ලබා තිබිණි.
බහරේනයේ ඇමෙරිකානු හමුදා මධ්‍යස්ථාන වෙත සහ ඕමානයේ ඇමෙරිකානු රේඩාර් පද්ධති වෙත ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් බහරේනයේ ජුෆේර් කඳවුරට හානි වී ඕමානයේ රේඩාර් දෙකක් විනාශ වූ බවත් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පෙන්වා දුන්නේය.
නව අදියරේ ප්‍රහාරවලින් කුවේටයේ අලි අල් සලෙම් ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබූ පේට්‍රියට් ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය සහ එහි ඉදිකර තිබූ ඉන්ධන ටැංකි සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට හැකියාව ලැබුණු බව ඉරාන ඉස්ලාමීය විපලවවාදී ආරක්ෂක බළකාය ප්‍රකාශ කළේය.
එසේම අහමඩ් අල් ජබෙර් ගුවන් හමුදා කඳවුරේ රේඩාර් පද්ධතියක්ද විනාශ කර දැමීමට තම බළකායට හැකියාව ලැබී තිබෙන බවද ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය පැවැසුවේය.
ඉරානය නව මෙහෙයුම "ඇසට ඇසක්" ලෙස නම් කර ඇත. තවද ජෝර්දානයේ ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුරේ ඇති මිසයිල ගබඩා සහ ඉන්ධන ගබඩා පහසුකම් මධ්‍යස්ථාන වෙතද මිසයිල, ඩ්‍රෝන යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ බවද එම බළකාය ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව සහ මිත්‍ර හමුදා ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර කලාපීය හමුදා මධ්‍යස්ථානයක් ලෙස යොදා ගන්නා බවද ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පැවැසුවේය.
ඉරාන හමුදාව අඛණ්ඩව කලාපයේ ඇති ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන බවත් ඇමෙරිකාව ඉරානයට තවත් ප්‍රහාර එල්ල කළහොත් සිය හමුදාවේ සම්පූර්ණ බලය යොදා කලාපයේ ඇති ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත පහර දෙනු ඇති බවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සඳහන් කළේය.
එසේම ඉරානයට පහර දීමට පැමිණි ඇමෙරිකාවේ ලූකස් ප්‍රහාරක ඩ්‍රෝන යානාවක් බිම දැමීමටද හැකියාව ලැබුණු එම ආරක්ෂක බළකාය පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd