
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ඇති වූ පාරිසරික බලපෑම් හා භූ විද්‍යාත්මක අවදානම් සැලකිල්ලට ගනිමින්, වෙනත් ආරක්ෂිත ස්ථානයකට ස්ථානගත කිරීමට යෝජිත දෙණියාය මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරු ගිවිසුමට අත්සන් කළහ.
ඉන්දීය රජයේ Aftermath Cyclone of Ditwah Project (දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ප්‍රතිසාධන ව්‍යාපෘතිය) යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් නව දෙණියාය මූලික රෝහල සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීමට නියමිත අතර, එමඟින් දෙණියාය සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් සුරක්ෂිත, ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ හැකියාව ශක්තිමත් වනු ඇත.
මෙම ගිවිසුම මඟින් නව රෝහල සඳහා අති නවීන හා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීමට හැකිවීමෙන්, රෝහලේ ප්‍රතිකාර සේවාවන් තවදුරටත් පුළුල් කිරීම, රෝග විනිශ්චය හා ප්‍රතිකාර සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපයීමටද වැදගත් දායකත්වයක් සැලසෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd