IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මැදින් පුර පසළොස්වක පොහොය අදයි.

මෙම පෝය දිනයේ විශේෂ වැදගත්ම සිදුවීම වන්නේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම වීමට ආරම්භ කිරීමය.

සිය පිය රජතුමාගේ ඉල්ලීම අනුව ඥාතීන්ට අනුග්‍රහ දැක්වීම පිණිස තථාගතයන් වහන්සේ මෙම ගමන ආරම්භ කර තිබේ.

තම පුතුණුවන් බුද්ධත්වයට පත්ව බරණැස ඉසිම තනාරාමයේදී ප්‍රථම ධර්ම දේශනාව පවත්වා අනතුරුව රජගහ නුවර වේළු වනාරාමයට වැඩමවා සිටින බව සුද්ධෝදන රජතුමාට දැනගන්නට ලැබුණි.

එක් ඇමතිවරයෙකුට පිරිවර දහස බැගින් දී ඇමතිවරු නව දෙනෙකු වාර නවයකදී එහි යවා බුදුරදුන් කිඹුල් වතට වැඩමවා ගැනීමට රජතුමා ගත් උත්සාහය අසාර්ථක වූයේය ඊට හේතුව වූයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා ඔවුන් සියලු දෙනාම පැවිදි බවට පත්වීමය.

උත්සාහය අත් නොහල රජතුමා සිදුහත් කුමරු සමග එකම දිනයේදී උපන් කාලු දායි නම් හිතුවත් ඇමතිවරයා කැඳවා තම අභිප්‍රාය සැලකෙළේය.

ඇමතිවරයා දහසක් පිරිස් සමග රජගහ නුවරට ගියේය.

මීට ප්‍රථම ගිය පිරිස මෙන්ම කාලුදායි ඇමතිවරයා සහ එම පිරිවර බණ අසා පැවිදි බිමට ඇතුළත් විය.

එහෙත් සතියක් පමණ ගතවී මෙන් අනතුරුව කාලුදායි හිමියෝ සුද්ධෝදන රජතුමාගේ ගෞරවනීය ආරාධනය බුදුරදුන් වෙත දන්වා සිටියහ. ඊට ප්‍රථම උන්වහන්සේ රජගහනුවර සිට කිඹුල්වත් නුවර දක්වා දක්නට ලැබෙන විසිතුරු බව ගාථා සැටකින් වර්ණනා කළහ.

සාදු උදායි කරිස්සාමී ඥාති සංග්‍රහං බුදුන් වහන්සේ වදාළහ එහි තේරුම හොඳයි උදායි ඥාතීන්ට සංග්‍රහ කරන්නමීය යන්නයි.

ඒ අනුව තථාගතයාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් පිරිවර සමඟින් වේළුවනාරාමයෙන් පිටත්ව කිඹුල්වත් නුවර වෙත ගමන ආරම්භ කළහ.

නවා ගෙන සිටින අතක් දිග හරින්නට පෙර ලෝකයේ ඕනෑම ස්ථානයකට වැඩමවීමට තරම් පුදුම ඍධි බලයක් උන්වහන්සේ සතුව තිබුනද මෙම වැඩම කිරීම සිදුකරනු ලැබේ පා ගමනින් ම ය. යොදුන් හැටක තරම් වූ මෙම දිර්ඝ ගමන සඳහා මාස දෙකක පමණ කාලයක් ගත වූ බව ශාසනයේ ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී සුද්ධෝදන පියාණන් හමුවට වැඩිවීමට උන්වහන්සේට හැකි වූ බවද එහි දැක්වේ.

බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පා ගමනින් වැඩමවීමට ප්‍රධාන හේතුව වූයේ ජනතාව ටඅවශ්‍ය පරිදි දැක බලා ගනිමින් සිව්පසයෙන් උපස්ථාන කොට ඔවුන්ට පින් රැස්කර ගැනීමට ඉඩ දීම සහ සුදුසු අයට ධර්මය අවබෝධ කර ගැනීමට.වඩාත් පහසු කරවීම පිණිස බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි.

මේ අනුව අද වැනි මැදින් පුර පසළොස්වක පොහොය දිනයක සම්බුදුරදුන් රජගහ නුවර සිට වැඩම කළ මේම ගමන ලෝකවාසීන්ට දෙලොව සුව හා නිවන් සැප සාදා ගැනීමට මහත් සේ හේතු වූ බව සැලකිය යුතුය.

කාලුදායි හිමියෝ කිඹුල්වත් නුවර දක්වා වූ මාර්ගය වර්ණනා කිරීමේ එක් ගාථාවක මෙසේ සඳහන් වෙයි.

අංගාරිනොදානි දුමා භදන්තේ

එලෙසිනො ජදනං විප්පහාය

තෙඅච්චි මන්තෝච පහාසයන්ති

සමයෝ මහා වීර භගීර ථානං

ඒ සිංහල තේරුම මෙසේය

භාග්‍යවතුන් වහන්ස; දැන් ගස්වල ගිනි අඟුරු මෙන් රතු පැහැති මල් හා දළු ඇත පරණ කොළ වැටීමෙන් මලින් සැරසී ගිය ගස් දැන් ඵල දැරීමට කැමතිව සිටි .ගස් ගිනි දැලින් යුක්ත වූවත් සේ බබලයි. මහා විරයන් වහන්ස ;භගීරථ පරම්පරාවට අයත් ශාක්‍යයන්ට හිතසුව පිණිස වැඩමවීමට සුදුසු කාලයයි.

මෙම සටහන සම්පාදනය කිරීමේදී අවශ්‍ය තොරතුරු ලබා දුන් කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති ගල්කිස්ස බෞද්ධායතනාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්ස නාහිමියන් ට නමස්කාර පූර්වකස්තුතිය පුද කරමු.)

 



අදහස් (5)

මැදින් පුර පසළොස්වක පොහොය අදයි.

ජිල්බු Thursday, 13 March 2025 08:56 AM

මට නිකමට හිතුණා ට්‍රැෆික් අඩුවෙලා දැක්කාම.

:       0       0

ජිල්බු Thursday, 13 March 2025 08:59 AM

මට නිකමට හිතුණා ට්‍රැෆික් අඩුවෙලා දැක්කාම...

:       0       0

හසක Thursday, 13 March 2025 09:05 AM

මම උපතින් බෞද්ධ. කාටවත් අපහාස කරන්න නෙමේ මේ ප්‍රශ්නය. දන්නා කෙනෙක් කියනවාද ඉහත විස්තරය ත්‍රිපිටකයේ සඳහන් එකක්ද නැත්නම් බෞද්ධ සාහිත්‍යයේ එකක්ද කියලා...

:       0       0

Asela Thursday, 13 March 2025 10:40 AM

පල්ලියට, ​​යාගයට හෝ පල්ලියට සහභාගී වීම සඳහා අනුගාමිකයෙකුට අනිවාර්ය බැඳීමක් ඇති අනෙකුත් ආගම් මෙන් නොව, බුදුන් වහන්සේ ආගමික වත්පිළිවෙත්වලට සම්බන්ධ නොවී වුවද නිවන ලබා ගැනීමට මාර්ගය පෙන්වා දුන් සේක. මෙය අහිංසක බෞද්ධයින්ට ලැබුණු අපූරු තෑග්ගකි. කෙසේ වෙතත්, සමාජ රැස්වීම් සහ එකතු කිරීම් තවමත් බෞද්ධ සම්ප්‍රදායන් සහ ශාසනය තුළ පවතින අතර එය ඉගැන්වීම ආරක්ෂා කිරීම සඳහා කළ යුතුයි. අන්ධ ඇදහිල්ල නොව, තම ඉගැන්වීම ප්‍රශ්න කිරීමට සියලු දෙනාම යොමු කළ පෘථිවියේ මෙතෙක් උපත ලැබූ වඩාත්ම කරුණාවන්ත හා ශ්‍රේෂ්ඨතම ආගමික නායකයාට උපහාරයක් වේවා. වචනයේ ඇති ඉතාමත් නිහතමානී, කරුණාවන්ත, බුද්ධිමත්ම නිහතමානී ආගමික මිනිසා. මම සෑම විටම මෙම ශ්‍රේෂ්ඨ දාර්ශනිකයාට ගෞරවය පුද කරමි.

:       0       1

Ram Ya Thursday, 13 March 2025 01:38 PM

සාදු ...! සාදු ...! සාදු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site