(සුජිත් හේවාජුලිගේ)

කොළඹ වරායෙන් කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවෙන් තොරව පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මෙරට නැව් නියෝජිත සමාගම් නියෝජිතයින් තිදෙනෙකුගෙන්  දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කන්ටේනර් මුදා ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී මුහුණ දෙන ගැටලු පිළිබඳව එම නියෝජිතයන් මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හිටපු රේගු ප්‍රධානීන් ඇතුළු දහයකට වැඩි පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මුලින් විමර්ශන පැවැත්වූ ජනාධිපති කමිටුවේ සාමාජිකයන්ද විශේෂ කාරක සභාව හමුවට ඉදිරි දිනවල කැඳවීමට නියමිතය.

කොළඹ වරායෙන් කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවෙන් තොරව පිටකර අැති බව එම කමිටුවේදී තොරතුරැ අනාවරණය විය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

කමිටුවේ අවසන් වාර්තාව එහි පළමු රැස්වීමේ සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ වරායෙන් කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවෙන් තොරව පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ තවත් පාර්ශව රජයට චෝදනා කරයි