




(ශාන්ත චන්ද්‍රසිරි)
අරණායක, කලුගල කලෑ ප්‍රදේශයකදී මද්දකට හසුව සිටියදි බේරා ගනු ලැබු දිවියාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව නැවත සුදුසු කැළෑවකට මුදා හැරීමට පියවර ගත්බව වනජීවී නිලධාරීහු පවසති.
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික, විද්‍යාත්මකව පැන්තරා පාර්ඩුස් නමින් හඳුන්වනු ලබන මෙම දිවියා අවුරුදු තුනත් හතරත් අතර වයසේ පසුවන ඉතාමත් නිරෝගී පිරිමි සතෙකු බව වනජීවී නිලධාරීහු පවසති.
මෙම දිවියා ඊයේ (03) එම ප්‍රදේශයේදී මද්දකට හසුව සිටියේය. නුවරඑළිය, හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්, වනජීවී මධ්‍යම කලාපයේ රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය අකලංක මහතා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායම විසින් දිවියාගේ දිවි ගලවාගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සද්ක්‍රියාවට සහභාගි වූ සැමට යහපතක්ම වේවා...!!!
අගනා සේවයක්.... අපේ ආචාරය.
මේවට ප්‍රසිද්ධියක් දෙන්න එපා... ස්ථාන කියන්න එපා.. දිවියෙකුගේ දිවි බේරා ගනී. ඒ ඇති නැතිනම් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ සතාට කරදරයක් කරන්න.. ඒ නිසා ජනතාවගෙන් හැකි තාක් ඈත් කරලා මේ සත්තු පරිස්සම් කරන්න ඕනේ...
සුබ උපන් දිනයක් වේවා...!!!
මෙය අගය කළ යුතු ක්‍රියාවක් තමයි. ඒ වගේම මෙවැනි මන්දවල් තබන පුද්ගලයින්ට දඬුවම් පැමිණිය යුතුයි...
මේ සතාගෙන් අරනායක ප්‍රදේශයේ මිනිසුන්ට සහ කුඩා ළමුන්ට හානියක් නොවීම ගැන සතුටු වෙමි.
ශ්‍රේෂ්ඨ වැඩක්....