IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මිදිගම රුවන්ගේ පෙත්සමට දින දෙයි

(රන්ජන් කටුගම්පොල)

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ආරක්‍ෂක කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු යැයි කියන් මිදිගම රුවන් නමැත්තා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය සැප්තැම්බර් පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (17) දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන ජේ.ඒ. රුවන් කුමාර හෙවත් මිදිගම රුවන් නමැත්තා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත

පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවද එහි අභ්‍යන්තර හා බාහිර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවාගෙන ඇතැයිද පැවසීය.

බුස්ස බන්ධනාගාරය අධිආරක්ෂිත බන්ධනාගාරයක් බවට ප්‍රකාශයට පත්කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා බවද බන්ධනාගාර පනත යටතේ එවැනි නියෝගයක් කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට බලයක් නැතැයිද කී නීතිඥවරයා එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ විෂය භාර අමාත්‍යවරයාට පමණක් යැයිද පෙන්වා දුන්නේය.

බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතුවලට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදාගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කළ යුතු වුවත් බන්ධනාගාරය තුළ පරීක්ෂා කිරීම්, වැටලීම් ආදී කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගැනීම නිසා ඔවුන් අතින් රඳවියන් දැඩි අමානුෂික සැලකීම් වලට භාජනය වන බවටත් චෝදනා කළ නීතිඥවරයා ඒ අනුව බන්ධනාගාරයේ අභ්‍යන්තර කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ශනිල් කුලරත්න මහතා කරුණු දක්වමින් පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියේයි.

බන්ධනාගාර කටයුතු සඳහා පොලිස් නිලධාරින්ගේ සහාය ගැනීමට බන්ධනාගාර පනතේ 77(5) වගන්තිය අනුව හැකියාව ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද පොලිස් දෙපාර්තමේන්තුවේ අංශයක් බැවින් ඔවුන් එම කටයුතුවලට භාවිත කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ශනිල් කුලරත්න මහතා පොලිස් විශේෂ කාර්ය බළකාය බන්ධනාගාරය තුළ කළ වැටලීමකදී පෙත්සම්කරු භාරයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇති බවත් බන්ධනාගාර තුළ තිබියදී තවත් තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවසීය”

බන්ධනාගාරය තුළ වැටලීම් කිරීමට හා තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා ඇති බවත් ජංගම දුරකථන ඇතුළු තහනම් ද්‍රව්‍ය භාවිතා කරමින් බන්ධනාගාර තුළ සිට මෙහෙයවන අපරාධ ක්‍රියා වැළැක්වීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ගෙන ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ශනිල් කුලරත්න මහතා නිදහසේ දුරකථන භාවිතා කරමින් අපරාධ මෙහෙයවන මධ්‍යස්ථානයක් බවට බූස්ස බන්ධනාගාරය පරිවර්තනය කර ගැනීමේ අරමුණින් පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවට චෝදනා කළේය.

පිරිසිදු දෑතින් පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර නොමැති බවත් පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ශනිල් කුලරත්න මහතා මුල් අවස්ථාවේදීම පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව නඩුවට අදාළ ලිඛිත දේශන ඇත්නම් අගෝස්තු 25 වැනිදාට පෙර ගොනු කරන ලෙස දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන තීරණය සහ අතුරු සහන ඉල්ලීම් පිළිබඳ නියෝග සැප්තැම්බර් පළමුවැනිදා ප්‍රකාශයට පත්කරන බව දැනුම් දුන්නේය.



අදහස් (0)

මිදිගම රුවන්ගේ පෙත්සමට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site