(සුරංග රාජනායක)

ගම්පොල කුරුඳුවත්ත මැදගොඩ තේ කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී දෙදෙනකු ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මෙම තේ කර්මාන්ත ශාලාව ගිනි ගන්නා බව  කුරුදුවත්ත පොලිසියට දැනුම්දී ඇති අතර මහනුවර ගිනි නිවීම් ඒකකය ට ද ඒ බව දන්වා තිබේ .

ඒ වන විටත් මෙම කර්මාන්ත ශාලාව ගිනිගෙන විනාශ වී තිබූ බව පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි .

මෙම තේ කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ පුතා හා සේවකයකු ගින්නෙන් පිලිස්සුම් තුවාල ලබා ඇති අතර එක් අයකු ගම්පොළ ශික්ෂණ රෝහලටත් අනෙක් අය කුරුදුවත්ත ප්‍රාදේශීය රෝහලටත් ඇතුලත් කොට තිබේ .

මෙහි අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති වුවද එය රුපියල් කෝටි දෙකකට අධික බව පැවසේ.