
(ගයාන් සූරියආරච්චි)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාර වෙනුවෙන් හෙට (5) ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශවල මාර්ග විටින් විට වසා තබන බව පොලිසිය පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද පොලිසිය ක්‍රියාත්මක කරන අතර පොලිස් නිලධාරීන් 1500 ක් පමණ රාජකාරී කරනු ලබන අතර යුද හමුදාව, සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කීපයක් විශේෂ ආරක්ෂාව සපයනු ඇත.
එම කාලසීමාව තුළදී රථවාහන තදබදය හා රියැදුරන්ට සිදුවන අපහසුතාව අවම කර ගැනීම සදහා රියැදුරන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් කටයුතු කරනු ඇත.
පසුදා (6) අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ අනුරාධපුර දුම්රියපොළ ආශ්‍රිත ප්‍රධාන මාර්ග පෙරවරු 7.30 ත් 10.30 ත් අතර කාලයේ වරින් වර මාර්ගය වසා තැබෙන බැවින් එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවකින් තොරව තම කටයුතු කරගැනීම සදහා විකල්ප මාර්ග වෙත රථවාහන නිලධාරීන් යොමු කරන බවද පොලිසිය කියයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය වෙනුවෙන් පොලිසිය කරනු ලබන විශේෂ රථවාහන සැලැස්මට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරත් ඉන්දියන් රාජ්‍ය නායකයෙක් එනවා කිව්වම රටේ පාරවල් වැහුනා, එත් පොලීසියෙන් වහපු පාරවල් නෙවෙයි, ජවිපෙ පාරවල් වහගෙන උද්ගෝෂණ කල නිසා තමයි එහෙම වුනේ.