
සිලෝන් ටී නමින් ජාත්‍යන්තර වෙළදපලේ අලෙවි කිරිමට සුදානමි කළ කසල තේ තොගයක් සමග පුද්ගලයකු මෝදර එලිහවුස් පාර ගබඩාවකින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය නිලධාරීහු පවසති.
කසල තේ කිලෝ 19,072.86 ක් සහ කසල තේ වර්ණ ගැන්වීම සදහා යොදාගන්නා ලද දියර ලීටර් 336 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙම කසල තේ තොග මැදපෙරදිග රටවල්වලට අපනයනය කිරීමට සූදානම් කර තිබු බවට අනාවරණය වූ බව ද සීලෝන් ටී නමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කරන මෙම කසළ තේ හේතුවෙන් ශ්‍රී ලංකාවෙි තේ අලෙවිය ජාත්‍යන්තරව විශාල පසුබෑමකට ලක්වන බව ද වාර්තා වෙයි.
විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ,ආර් සේනාධීර මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම අයිතිකරුවන්ගෙ සියලු විස්තර ප්‍රසිඩ්ද කරන්න. මෙ වැඩෙ යම්තරමක් දුරට නවත්වන්න පුලුවන් එවිටයි.
අපිත් ඉන්නෙ මැදපෙරදිග, අපි ඉන්න රටවල්වලනම් ලංකාවෙ නිශ්පාදන වලට කිසිම ඉල්ලීමක් ගරුත්වයක් නැහැ, තේ කසල තෙ.. ගම්මිරිස් ගස්ලබුඇට.. අැයි මෙව නිසි විඩිහට පාලනය නොවෙන්නෙ ? හොරකමට බොරුවට වන්චාවට ලොකයෙ තැනක් නැහ !