IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මදි නොකියන්න අනිද්දා සිට තෙල් බෙදයි

(යොහාන් භාසුර)

ඉන්ධන කෝටාව එළඹෙන අඟහරුවාදා (30 වැනිදා) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (28) පස්වරුවේ පැවසීය.

යතුරුපැදියක් සඳහා සතියකට දැනට නිකුත් කරන පෙට්‍රල් ලීටර 7 ලීටර 14 ක් දක්වා ඉහළ දමන බව කී අමාත්‍යවරයා මගී ප්‍රවාහනය සඳහා ලියාපදිංචි ත්‍රීරෝද රථයකට සතියකට හිමිවන ඉන්ධන ලීටර 15, ලීටර 22 ක් දක්වා ද ඉහළ දැමූ බව සඳහන් කළේය.

වෙනත් ත්‍රීවිල් සඳහා පැවැති ලීටර 8 ක කෝටාව ලීටර 14 ක් දක්වා ද, කාර් රථයක් සඳහා පැවැති ඉන්ධන ලීටර 30 ක කෝටාව ලීටර 40 ක් දක්වා ද, ඉහළ දැමූ බව ද අමාත්‍යවරයා කීය.

බස් රථ සඳහා මෙතක් පැවැති ඉන්ධන ලීටර 60 ක ප්‍රමාණය ලීටර 125 ක් දක්වා ද, ලොරි රථ සඳහා පැවැති ඉන්ධන ලීටර 75 ක ප්‍රමාණය ලීටර 125 ක් දක්වා ද, ඉහළ දැමූ බවත් සෙසු වාහනවල ද ඉන්ධන කෝටාව ඉහළ දැමූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (5)

මදි නොකියන්න අනිද්දා සිට තෙල් බෙදයි

Deepal Nirosh Monday, 29 May 2023 05:22 AM

මේ සලාක කාලීනව විචලනය කළ යුතු බව ඇත්ත. ඒත් රටේ හදිසියක දී ඉන්ධන හිඟයක් ඇති නොවන පරිදි මෙය කළ යුතුයි. අනවශ්‍ය ලෙස සලාකය ඉහළ දැමුවහොත් නැවත අමතර ඉන්ධන ප්‍රමාණ තොග ගබඩා කර තබා ගැනීමටත් ඒ හරහා කළු කඩ ව්‍යාපාරයක් පෙර පරිදිම ව්‍යාප්ත වෙන්නත් පුළුවන්.

:       5       1

සසර Monday, 29 May 2023 06:53 AM

කංචනගේ පංතියේ අයට අපි නොමිලේ බදු සල්ලි දෙන හින්දා කංචන ගේ පංතියේ අයට ගොඩක් තෙල් ගහන් ගොඩක් දුර යන්න පුලුවන් .

:       3       7

ase Monday, 29 May 2023 01:42 PM

කොච්චර දුන්නත් මක්කටැ කාසි කෝ ?

:       1       2

නිහාල් Monday, 29 May 2023 02:12 PM

හෙඩින් එක දැක්කම හිතෙන්නේ තෙල් නිකන් දෙනවා වගේ...

:       2       2

සන්ක Monday, 29 May 2023 02:35 PM

රටේම සමස්තයක් ෂෙඩ් ගොඩක් වෙලාවට හිස්... කොහේ තියෙන සල්ලිද මිනිසුන්ට වාහන වලට තෙල් ගහන්න.රටේම ජනතාවට ජීවත්වෙන්න බැරි තරමට බදු පිට බදු ගහල හොමිබෙන් යන්න දීල ජනතාවට මොන තෙල් කෝටද??? උබලම ගහගනිල්ල ඔය තෙල්.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site